ඇමෙරිකාවේ කැලිෆෝනියාහී ඡන්ද මධ්‍යස්ථානයක් අසල සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ස්ථානයට පැමිණි ආරක්ෂක නිලධාරීන් හා සැකකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදු වු බවත් සැකකරුගේ යැයි සැක කරන සිරුරක් ඒ අසල නිවසක තීබී හමුවු බවත් පොලිසිය කියයි.වෙඩි තැබීම ආරම්භ වීමත් සමඟ ඡන්ද මධ්‍යස්ථානය වසා දැමු බවත්  වෙඩි හුවමාරුව ගැන වැඩි විස්තර පොලිසිය නොදෙන බවත් මාධ්‍ය පවසයි.

පොලිසිය මීට පෙර පැවසුයේ ඒ ප්‍රදේශයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහිත සැක කටයුතු කාන්තාවක සැරිසැරූ බවයි. තාවකාලිකව වසා දැමූ ඡන්ද මධ්‍යස්ථානය නැවත විවෘත කළ බව බලධාරීහු කියති.

 Untitled-3

s

( ආරක්ෂක නිලධාරීහු සැකකරු සොයා මෙහෙයුම් දියත් කළහ)

Untitled-2

(වෙඩි හුවමාරුව සිදුවූ ඩෝල්ටන් ප්‍රාථමික විද්‍යාලය)

(ඡායාරූප-ඇසෝසියේටඩ් පුවත්/බීබීසී/රොයිටර් පුවත්)