IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හිලරි - ට්‍රම්ප් ලොව බලවත්ම පුටුවට තරග වදිති

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ සටනේ ප්‍රධානතම අපේක්ෂකයින් ලෙස හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරග කිරීමට සුදුසුකම් ලබා ඇත.

පසුගිය අඟහරුවාදා කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද සටනේ ජය හිලරි ක්ලින්ටන් ලබාගැනීමටත් සමග ඇය සමග තරග කළ බර්නි සැන්ඩර්ස්ට එයින් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව ඇය ඇමරිකා ජනපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන අපේක්ෂිකාවක් වූ පළමු කාන්තාව බවට ඉතිහාසගත වන්නීය.

ඇය ඩිමොක්‍රොටික් පක්ෂය වෙනුවෙන් ප්‍රාන්ත 6ක පැවැති ඡන්දයෙන් කැලිෆෝනියාව ඇතුළු ප්‍රාන්ත 4ක ජය තහවුරු කරගත්තාය.

රිපබ්ලිකන් පක්ෂය වෙනුනේ ජනපති අපේක්ෂකත්වය හිමිකරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ද ප්‍රබල තරගයක් දෙනු ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා කියයි.

ඒ අනුව හිලරි හා ට්‍රම්ප් අතර ඡන්ද සටන ආරම්භවී ඇති අතර නොවැම්බර් 8 වැනිදා ඇරැඹෙන ඇමරිකා ජනපතිවරණයේදී ධවල මන්දිරයේ ඉහළම පුටුවට පත්වන්නේ කවුදැයි තීරණය වනු ඇත. එය හිලරි හෝ ට්‍රම්ප් යන දෙදෙනාගෙන් කාට හිමිවුවද ඔහු හෝ ඇය ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා ලෙස වසර 4කට කිරුළ දරනු ඇත. 



අදහස් (0)

හිලරි - ට්‍රම්ප් ලොව බලවත්ම පුටුවට තරග වදිති

ඇන්ජලෝ Thursday, 09 June 2016 12:34 PM

මම නම් ඩොනල්ඩ් ට තමා කැමති එයත් අපේ රාජපක්ෂ තුමා වගේ තමාගේ ජාතිය ගැන ආදරයක් තියෙන කෙනෙක් (බ)

:       0       0

සරත් Friday, 10 June 2016 04:28 AM

හිලරිට කැමති වෙන්න කලින් එයා ගැන කියවන්න.කට්ට ,නපුරු ,ගැහැනියක් (අ)

:       0       0

මිනිපෙ Thursday, 09 June 2016 05:06 PM

ඩොනල්ඩ් ජාතියට ආදරෙයි, හැබැයි සුදු ජාතියට. (නි)

:       0       0

නලින් යහම්පත් Friday, 10 June 2016 06:18 PM

බිල් ක්ලින්ටන් කාලයේ ඔවුන් කළේ යුරෝපයේ තිබු බලවත් රටක් රටවල් 5ක් වනතුරු කඩන්නට උදව් කිරීමයි. ඔබාමා කාලයේ කළේ අප්‍රිකාවේ රටවල් වල සිටි නායකයන් ත්‍රස්ත විපලවවාදීන් ලවා මරවා හෝ පන්නා දමා තමන්ට අවනත අය පත්කිරීමත්, එම රටවල් අස්ථාවර කිරීමත්ය. හිලරි ක්ලින්ටන් ජනාධිපති වුවහොත් තව රටවල් කීයක් මෙවැනි දේවලට ගොදුරුවේද කියා සැකයක් තියෙනවා. එනිසා හොඳම දෙය මේ වතාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමයි (නි)

:       0       0

සිල්වා Thursday, 09 June 2016 05:55 AM

ඇමරිකා ඉතියාසය උඩු යටිකුරු කරමින් හිලරි ක්ලින්ටන් මහත්මිය රන් අකුරෙන් ලියවෙනවා. (නි)

:       0       0

ලක්නි Friday, 10 June 2016 10:02 AM

මමත් කැමති ඩොනල්ඩ්ට ජනාධිපති කෙනෙක් පළමුව ආරක්ෂා කළ යුත්තේ රට හා ජනතව,පාට,ජාතිය නොව,මැඩම් නම් ලෝකයම ,වාසිය සදහා ගිනිතියපු,තියන කෙනෙක්. (බ)

:       0       0

අයිරාංගනී Saturday, 11 June 2016 03:28 AM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුසන්ත Friday, 10 June 2016 03:17 AM

හිලරි තමා අපිට හොඳ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site