ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ සටනේ ප්‍රධානතම අපේක්ෂකයින් ලෙස හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරග කිරීමට සුදුසුකම් ලබා ඇත.
පසුගිය අඟහරුවාදා කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද සටනේ ජය හිලරි ක්ලින්ටන් ලබාගැනීමටත් සමග ඇය සමග තරග කළ බර්නි සැන්ඩර්ස්ට එයින් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව ඇය ඇමරිකා ජනපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන අපේක්ෂිකාවක් වූ පළමු කාන්තාව බවට ඉතිහාසගත වන්නීය.
ඇය ඩිමොක්‍රොටික් පක්ෂය වෙනුවෙන් ප්‍රාන්ත 6ක පැවැති ඡන්දයෙන් කැලිෆෝනියාව ඇතුළු ප්‍රාන්ත 4ක ජය තහවුරු කරගත්තාය.
රිපබ්ලිකන් පක්ෂය වෙනුනේ ජනපති අපේක්ෂකත්වය හිමිකරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ද ප්‍රබල තරගයක් දෙනු ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා කියයි.
ඒ අනුව හිලරි හා ට්‍රම්ප් අතර ඡන්ද සටන ආරම්භවී ඇති අතර නොවැම්බර් 8 වැනිදා ඇරැඹෙන ඇමරිකා ජනපතිවරණයේදී ධවල මන්දිරයේ ඉහළම පුටුවට පත්වන්නේ කවුදැයි තීරණය වනු ඇත. එය හිලරි හෝ ට්‍රම්ප් යන දෙදෙනාගෙන් කාට හිමිවුවද ඔහු හෝ ඇය ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා ලෙස වසර 4කට කිරුළ දරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ඩොනල්ඩ් ට තමා කැමති එයත් අපේ රාජපක්ෂ තුමා වගේ තමාගේ ජාතිය ගැන ආදරයක් තියෙන කෙනෙක් (බ)
හිලරිට කැමති වෙන්න කලින් එයා ගැන කියවන්න.කට්ට ,නපුරු ,ගැහැනියක් (අ)
ඩොනල්ඩ් ජාතියට ආදරෙයි, හැබැයි සුදු ජාතියට. (නි)
බිල් ක්ලින්ටන් කාලයේ ඔවුන් කළේ යුරෝපයේ තිබු බලවත් රටක් රටවල් 5ක් වනතුරු කඩන්නට උදව් කිරීමයි. ඔබාමා කාලයේ කළේ අප්‍රිකාවේ රටවල් වල සිටි නායකයන් ත්‍රස්ත විපලවවාදීන් ලවා මරවා හෝ පන්නා දමා තමන්ට අවනත අය පත්කිරීමත්, එම රටවල් අස්ථාවර කිරීමත්ය. හිලරි ක්ලින්ටන් ජනාධිපති වුවහොත් තව රටවල් කීයක් මෙවැනි දේවලට ගොදුරුවේද කියා සැකයක් තියෙනවා. එනිසා හොඳම දෙය මේ වතාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමයි (නි)
ඇමරිකා ඉතියාසය උඩු යටිකුරු කරමින් හිලරි ක්ලින්ටන් මහත්මිය රන් අකුරෙන් ලියවෙනවා. (නි)
මමත් කැමති ඩොනල්ඩ්ට ජනාධිපති කෙනෙක් පළමුව ආරක්ෂා කළ යුත්තේ රට හා ජනතව,පාට,ජාතිය නොව,මැඩම් නම් ලෝකයම ,වාසිය සදහා ගිනිතියපු,තියන කෙනෙක්. (බ)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
හිලරි තමා අපිට හොඳ (නි)