ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සටනින් ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අපේක්ෂකයෝ ප්‍රධාන ප්‍රාන්ත 5ක ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති.

ඊසාන දිග ඇමරිකාව, පෙන්සිල්වේනියාව යන ප්‍රදේශයන්ද ඊට ඇතුළත්ය. අඟහරුවාදා පැවැති ජනපති අපේක්ෂකයන් තෝරන ඡන්ද විමසීමේදී එම ප්‍රාන්තවල වැසියෝ උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ බව කියති.

ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස්ට වඩා ඉදිරියෙන් සිටින බව නවතම වාර්ති පවසයි.

ඇමරිකාවේ පළමු පුරවැසියා වීම සඳහා ඇය තැබූ දැවැන්ත පියවරක් ලෙස මෙය සඳහන් කළ හැකි බව මාධ්‍ය වාර්තා කියයි.

රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ද සිය ජයග්‍රහණය තහවුරු කරගනිමින් සිටී.