හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සම්බන්ධ ප්‍රතිපත්ති නිසා තුන්වැනි ලෝක යුද්ධය ඇති විය හැකි බව ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.අවධානය යොමු කළ යුත්තේ අයි එස් ත්‍රස්තයින් පරාජය කිරීමට මිස ත්‍රස්තවාදීන්ට එරෙහි රටවල් පරාජය කිරීමට නොවන බව ඔහු පැවසිය.
ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිපත්ති සැලැස්මේ සඳහන් වන පරිදි සිරියා ජනපති බෂාර් අල්-අසාද්ට විරුද්ධව ක්‍රියා නොකළ යුතු බවත් සිරියා ගුවන් ප්‍රදේශය පියාසර තහනම් ප්‍රදේශයක් කිරීම රුසියාව සමග ගැටුම් ඇති වීමට හේතුවක් වන බවත් ට්‍රම්ප් පවසයි.
මෙහිදී ඔහු තම පක්ෂයේ අර්බුදය හෙළි කරමින් දෝෂාරෝපණයක් සිදු කළේය.රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින්ගේ එකමුතුකමක් නැති බවත් පක්ෂය එක මතයක සිටියිනම් හිලරි ක්ලින්ටන් පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක යුද්ධ ගැන නම් මම දන්නෙ නැහැ. හිලරි නෝනා දිනුවොත් ලංකාවට අපලයි. (නි)
ලංකාවේ දේශපාලුවන්ට වගේ හිතුමතේට තීරණ ගන්න ඇමරිකාවේ බැහැ. හිලරිත් මහින්ද රාජපක්ෂ වගේ අවුරුදු 20 විතරම දේශපාලනයේ ඉන්න කෙනෙක්. දැන් රටවල් පාලනය කරන වයසකද ඉන්නේ? (නි)
ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් , හිලරි ආවත් ලංකාවට ඇතිවන සුගතියක් නැහැ , අප ඔවුන්ගේ අතකොළුවක් නොවුනොත් , අප ඔවුන් දෙදෙනාගේ පැති අරන් රණ්ඩු වනවාට වඩා , ඔවුන් ඡන්දෙන් පසු ඉන්නා සහ කටයුතු කරනා ආකාරය අනුව අපිත් නොබෙදී , දිනුම පරාජය පිළිගෙන ඡන්දෙන් පසු දෙපැත්තම එකාමෙන් රටවෙනුවෙන් කටයුතු කිරීම මැනවි (අ)
පැරදුනාම ගිහින් කරන කතාවත් ඒ වගේම වේවි. (නි)
මගේ මතයනම් ඔය දෙන්නම ඇමරිකාවට සහ ලෝකයට හිතකර ජනාධිපති අපේක්ෂකයෝ නොවේ. අවාසනාවකට බෙර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂ මූලික ඡන්ද වටයෙන් පැරදුනේ. ඔහු නිර්ධන පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන් කළ කෙනෙක්. (බ)
අපොයි ඔව් .. මෙයා නවතින්නේ ලෝක යුද්ධයකට පාර කපල තමයි (බ)
අනේ මන්දා අපි ඉතින් මොනවා කරන්නද? (නි)
හිලරි නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යුද්ද වලට පක්ෂ නැහැ! ඔය ට්‍රම්ප් කියන කතා මිනිස්සු විස්වාස කරන්නේ නැහැ! (අ)
ට්‍රම්ප් සුළු සුළු දේවල් නිසා ලොකු අපරාධකාරයෙක් ගානට දාල හිතන ඇමෙරිකානුවන් හිලරිගේ කපටි හිනාව සහ ඇය ලෝකයේ අනෙක් රටවල් එක්ක ද්වේශයෙන් ඉන්නා බව නොපෙනීම මොනතරම් අභාග්‍යක්ද? (ම)