ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්දයෙන් ප්‍රතිවාදියා විශාල ප්‍රතිශතයකින් ජය නොගතහොත් හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව වසර 240ක ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයකින් ජනපතිවරණයට ඉදිරිපත් වන පළමු කාන්තාව ලෙස හිලරි ක්ලින්ටන් ඉතිහාසගතවනු ඇතැයි කියති.
ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස් දැනට ඇයට වඩා පසුපසින් සිටින අතර තීරණාත්මක අඟහරුවාදා දිනයේ ඇමරිකාවේ ප්‍රදේශ 6ක ඡන්දය පැවැත්වීමට නියමිතය. හිලරි ක්ලින්ටන් කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඵෛතිහාසික සන්ධිස්ථානයක සිටින බවත් නමුත් තවමත් තමන්ට කිරීමට වැඩ කොටසක් තිබෙන බවත්ය. සෑම ඡන්දයක් වෙනුවෙන්ම දැඩි ලෙස තරඟකාරීවීමට සිදුව ඇතැයි ඇය කියන්නීය.
ඇමරිකා ජනපතිවරණ සටනේ අනෙක් ප්‍රතිවාදී පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වය මේ වනවිටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත.
හිලරි ක්ලින්ටන් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ බිරියයි. ඇය 2009 සිට 2013 දක්වා කාලයේ ඇමරිකාවේ 67 වැනි රාජ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.
ඇගේ ජනපතිවරණ අපේක්ෂකත්වය ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි කියති.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිලරි ක්ලින්ටන් ඉතිහාසගත කඩයිමක
යසීර් අහමඩ් දෙහිවල Tuesday, 07 June 2016 05:12 PM
හිලරි ක්ලින්ටන් බලයට ආවොත් ඔබාමටත් වඩා ලෝකයේ යුධ ගිනි අවුලවා, රටවල් අස්ථාවර කරනවා නියතය (නි)