සංචාරකයින් රැගත් හෙලිකොප්ටරයක් ඇමරිකාවේ ටෙනසී හිදී කඩා වැටීමෙන් එහි ගමන්ගත් 5 දෙනකු මියගොස් ඇතැයි සීඑන්එන් පුවත්සේවය පවසයි.

එහි කඳු අතරට හෙලිකොප්ටරය වැටී ඇතැයි ද එය ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ද කියති.

ගිනි නිවන භටයන් හෙලිකොප්ටරය කඩා වැටුණු පෙදෙසේ ගිනි දලු මැදින් ගොස් තම රාජකාරී කටයුතුවල නිරත වූ බව ටෙනීසිහි බලධාරීහු කියති.