ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශයට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හතර දෙනකු මියගොස් ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය පවසයි.

ස්කයි ලයිෆ් - 4 නමැත හෙලිකොප්ටරය මෙසේ විනාශ විය. හදිසි ගලවාගැනිමේ ප්‍ර‍කාශක වරයා පවසා ඇත්තේ මේ හෙලිකොප්ටර් යානය පෝර්ටර්විලී ගුවන් තොටුපොළේ සිට බේකර්ස්ෆීල්ඩ් හි මහජන රෝහලට අසාධ්‍ය රෝගියකු රැගෙන යමින් සිටිය දී අනතුර සිදුව ඇති බවයි.

රෝගියා, යානය පැදවූ නියමුවා සහ හෙදියක් සහ සෞඛ්‍ය සේවකයෙක් මේ යානයේ සිටි බව ද බලධාරින් පවසයි.