එම්ටීවී රූපවාහිනී ආයතනයේ රියැලටි වැඩසටහනක් රූගත කිරීමට ගිය හෙලිකොප්ටර් යානයක් ආජන්ටිනාවේ ජලාශයකට කඩා වැටී එහි ගමන්ගත් නියමුවා සහ කාර්මික නිලධාරියකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

බටහිර ආජන්ටිනාවේ පොට්‍රෙරිලොස් වේල්ල ආසන්නයේ දී මේ අනතුර සිදුව ඇත. ‘‘ද චැලේන්ජ්“ නමින් හඳුන්වන වැඩසටහනකට අවශ්‍ය පසුතල දර්ශන කිහිපයක් රූගත කිරීමට මේ යානය එහි ගිය බව එම්ටීවී ආයතනය පවසයි. කඩා වැටුණු යානය ජලාශයේ මීටර 60ක් පමණ පත්ලේ රැඳී පවතින බවත් මළ සිරුරු සොයා ගැනීම දුෂ්කර බවත් ආජන්ටිනාවේ මෙන්ඩොසා පළාතේ ආරක්ෂක බලධාරීන් පවසයි.

මෙය 2015 වර්ෂයේ දී ආජන්ටිනාවේ රියැලටි වැඩසහන් වල දී සිදුවූ දෙවැනි හෙලිකොප්ටර් අනතුරයි.