හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇය එම ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය ලෙස වාර්තා වේ.
ඇය ආණ්ඩුකාර තනතුරට පත්වී දින දහයකට පසු මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් 2011 - 2017 කාලයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර සෙනට් සභික රෆායෙල් මොරේනෝ වෝලේ වන ඇගේ සැමියා ද මිය ගියේය.
හෙලිකොප්ටර් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසු පුවෙලා ගුවන් තොටුපොලට නාවික සැතපුම් තුනක් පමණ ඈතින් අනතුරට ලක්ව ඇත.
පසුගිය වසර කිහිපය තුළ මෙක්සිකානු දේශපාලනඥයන් කිහිපදෙනෙකු ම මෙවැනි ගුවන් යානා අනතුරුවලට ලක්වී ඇති අතර විශේෂයෙන් 2008 - 2011 දක්වා කාලයේ ෆෙඩරල් ඇමතිවරු කිහිප දෙනෙක් ගුවන් අනතුරුවලට මුහුණපෑහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිදභාවයකින් ක්‍රියා කරන බව මෙක්සිකෝවේ නව ජනාධිපති අන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.


(63226 )
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ ආණ්ඩුකාරවරියක් මරුට