මහමග ගමන්කරද්දීත් ජංගම දුරකථනයෙන් ඇස ඉවතට ගත නොහැකි පුද්ගලයින් වෙනුවෙන්ම වෙන්වුනු විශේෂ මංතීරුවක් චීනයේ චොන්ග්කුයින්ග් නගරයේ ඇත.
මෙම මංතීරුව ජංගම දුරකථන භාවිතා කරන්නන් සදහා පමණක් වෙන්වුනු ලොව ප්‍රථම මංතීරුව ලෙස සැළකේ.
මංතීරුවේ ගමන් කරන්නවුන්ට පෙර මෙන් තමන්ගේ ඇඟේ වදින්නේ කවුරුන්ද, මහමග ගමන් කරන රථවාහන තමන් දෙසට එමින් සිටිනවාද යැයි වදවීමකින් තොරව තම ජංගම දුරකථනයටම ඇලී සිටිය හැකිය.
මෙවන් මංතීරුවක් හදුන්වාදීමට හේතුව ලෙස නගර බළධරයින් පෙන්වා දෙන්නේ ජංගම දුරකථන භාවිතා කරමින් අසිහියෙන් ගමන් කරන පුද්ගලයින් නිසා සිදුවන අනතුරු ඉහළ ගොස් තිබීමයි.
ඔවුන්ට එරෙහිව නීති පනවා දඬුවම් කරනවාට වඩා මෙසේ එවැනි පුද්ගලයින්ව මහමඟ ගමන් කරන අනෙක් අයගෙන් වෙන් කිරීම මගින් වඩා ප්‍රායෝගික ලෙස අනතුරු අවම කර ගැනීමට හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලෝ සොඬාට වෙනම පාරක්
ගයාන් Tuesday, 16 September 2014 04:20 PM
අන්න හොදයි (දී)
ගාමිණී සිරිවර්දන Tuesday, 16 September 2014 04:20 PM
අද අපේ රටේ වැඩිපුරම භාවිතා කරන්නේ " මේඩ් ඉන් චයිනා " ජංගම දුරකථන.කතාවට ගිහින් ගොවියෝ ..වේලට..ඇලට වැටුන වාර අනන්තයි. එම නිසා අපේ ගොවියට මන් තීරු එපා.නියරවල් ටික පමණක් පිළිසකර දුන්නා නම් චීනයට බිස්නස් එයි හිටු කියලා ! (දී)
කළුපෙරුම Tuesday, 16 September 2014 10:11 AM
චීන ලොක්ක මෙහෙ ඇවිත් නේ, දැන් මේවයින් මන්තිරුවක් ලංකාවෙත් හදයිද දන්නේ නැහැ (දී)
මිලින්ද Tuesday, 16 September 2014 10:37 AM
ඔය තිරුවේම ඉන්න (දී)
ලක්මාල් Tuesday, 16 September 2014 10:50 AM
නියමයි (දී)