මහමග ගමන්කරද්දීත් ජංගම දුරකථනයෙන් ඇස ඉවතට ගත නොහැකි පුද්ගලයින් වෙනුවෙන්ම වෙන්වුනු විශේෂ මංතීරුවක් චීනයේ චොන්ග්කුයින්ග් නගරයේ ඇත.
මෙම මංතීරුව ජංගම දුරකථන භාවිතා කරන්නන් සදහා පමණක් වෙන්වුනු ලොව ප්‍රථම මංතීරුව ලෙස සැළකේ.
මංතීරුවේ ගමන් කරන්නවුන්ට පෙර මෙන් තමන්ගේ ඇඟේ වදින්නේ කවුරුන්ද, මහමග ගමන් කරන රථවාහන තමන් දෙසට එමින් සිටිනවාද යැයි වදවීමකින් තොරව තම ජංගම දුරකථනයටම ඇලී සිටිය හැකිය.
මෙවන් මංතීරුවක් හදුන්වාදීමට හේතුව ලෙස නගර බළධරයින් පෙන්වා දෙන්නේ ජංගම දුරකථන භාවිතා කරමින් අසිහියෙන් ගමන් කරන පුද්ගලයින් නිසා සිදුවන අනතුරු ඉහළ ගොස් තිබීමයි.
ඔවුන්ට එරෙහිව නීති පනවා දඬුවම් කරනවාට වඩා මෙසේ එවැනි පුද්ගලයින්ව මහමඟ ගමන් කරන අනෙක් අයගෙන් වෙන් කිරීම මගින් වඩා ප්‍රායෝගික ලෙස අනතුරු අවම කර ගැනීමට හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොදයි (දී)
අද අපේ රටේ වැඩිපුරම භාවිතා කරන්නේ " මේඩ් ඉන් චයිනා " ජංගම දුරකථන.කතාවට ගිහින් ගොවියෝ ..වේලට..ඇලට වැටුන වාර අනන්තයි. එම නිසා අපේ ගොවියට මන් තීරු එපා.නියරවල් ටික පමණක් පිළිසකර දුන්නා නම් චීනයට බිස්නස් එයි හිටු කියලා ! (දී)
චීන ලොක්ක මෙහෙ ඇවිත් නේ, දැන් මේවයින් මන්තිරුවක් ලංකාවෙත් හදයිද දන්නේ නැහැ (දී)
ඔය තිරුවේම ඉන්න (දී)
නියමයි (දී)