ජංගම දුරකථන බැටරි ඉක්මනින් ක්ෂයවීමේ ගැටලූවට පිළියමක් ලෙස බලය මනා කලමණාකාරීත්වයකින් යුතුව භාවිතයට ගැනෙන විශේෂ ක්ෂුද්‍ර සැකසුම් එකක වර්ගයක් හදුන්වාදීමට ක්ෂුද්‍ර පරිපථ සම්බන්ධ ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ඇට්මෙල් කටයුතු කර තිබේ.
එපරිගණකයක ඇති මධ්‍ය සැකසුම් ඒකකය මෙන් කි‍්‍රයාත්මක වන ක්ෂුද්‍ර සැකසුම් ඒකකයන් භාවිතයට ගැනෙන්නේ ජංගම දුරකථන වැනි උපකරණ වලය.ප‍්‍රමාණයෙන් කුඩා වීමත් කි‍්‍රයාත්මක කිරීමට අවම බලයක් අවශ්‍යවීමත් ඊට ප‍්‍රධාන හේතූන්ය.
බලය අරපිරිමැසේමෙන් භාවිතා කරනවාට අමතරව ඇට්මෙල් සමාගම හදුන්වාදුන් මෙම ක්ෂුද්‍ර සැකසුම් එකක ,උෂ්ණත්ව වෙනස්වීම් වලින් විදුලිය විදුලිය නිපදවා ගැනීමේ හැකියාවෙන්ද යුක්තය.
පසුගියදා මෙම උපාංගයන් එළිදැක්වුනු අවස්ථාවේ ඇම්ටෙල් සමාගමේ ප‍්‍රධානීන් ක්ෂුද්‍ර සැකසුම් එකක මත අත තැබීමෙන් පවා එයින් විදුලිය නිපදවා ගත හැකි බව පෙන්වා දුනි.
ඉදිරියේ නිපදවෙන ජංගම දුරකථන වලට මෙම පරිපථයන් ඇතුළත් කිරීමේ අවස්ථාවක් පවතින බව මෙහිදී ඉගි කෙරුනු අතර එය සැබෑනම් පෙර මෙන් බැටරිය බැසීමක් ගැන වද නොවී සිත්සේ ජංගම දුරකථනය භාවිතා කළ හැකිවනු ඇත.
ක්ෂුද්‍ර සැකසුම් එකකයක නිපදවෙන්නේ ඉතාම කුඩා විදුලි ධාරාවක් වුවත් එය ජංගම දුරකථනයේ ප‍්‍රධාන බල මූලාශ‍්‍රය වන බැටරිය හා සම්බන්ධ කෙරෙන නිසාද,ජංගම දුරකථනයේ අනෙක් උපාංග අතර බැටරියේ බලය බෙදා හැරෙන්නේ මෙම වැඩිදියුණු කළ ක්ෂුද්‍ර සැකසුම් එකකය ඔස්සේ නිසාද එක් ආරෝපණයකින් පසුව සැළකිය යුතු කාලයක් ජංගම දුරකථනයක් භාවිතා කළ හැකි බව ඇම්ටෙල් සමාගම පවසයි.
මෙම තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන අතර බලය කළමණාකරගතහොත් ජංගම දුරකථනයක් එක් ආරෝපණයකින් වසර 10 ක් පමණ කාලයක් පවා කි‍්‍රයාත්මක කරවීම ගැටලූවක් නොවන බව ඇම්ටෙල් සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණික මෙවලම් කළ යුතුය පරිසර සකසුරුවම් (බ)
මඩේ ඉන්නනේ කැමති (බ)