මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සොයාගැනීමට බි‍්‍රතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ඔවුන් පවසන්නේ මිනිස් මෙන්ම සත්ත්ව මළපහවල සිටිනා බැක්ටීරියාවන් මේ සඳහා යොදාගත් බවයි.
මළපහ වල සිටිනා බැක්ටීරියාවන් නිර්වායු බැක්ටීරියා ලෙස හඳුන්වන අතර එම බැක්ටීරියා ස්වසනය සදහා ඔක්සිජන් භාවිතා කිරීමක් සිදුනොකරයි.වෙනස්ම ආකාරයකට ස්වසනය කරන මෙම බැක්ටීරියා එසේ ස්වසනය කරන විට ඉලෙක්ට්‍රෝන ධාරාවක් උපදින බව සොයාගෙන ඇති මේ පර්යේෂක පිරිස කර ඇත්තේ එක් එක් බැක්ටීරියාවගෙන් ලැබෙන ධාරාවන් එකතු කර බැටරි ආරෝපණය සදහා යොදාගැනීමයි.
නමුත් මේ ක‍්‍රමයට බැක්ටීරියාවක් වැනි ඉතා කුඩා ජීවියෙකුගෙන් වැඩි විදුලියක් නිපදවා ගත නොහැකි බව සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට වුවද හොඳීින්ම අවබෝධ වන්නකි.
මේ බව පර්යේෂකයින්ද පිළිගනී.ඔවුන් පවසන්නේ තවදුරටත් පර්යේෂණ කිරීම මගින් බැක්ටීරියා නිපදවන විදුලි ධාරාව තවත් වැඩිකර ගත හැකි ක‍්‍රමයක් සොයාගත හැකි වනු බවයි.
තමන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කළේ ඉවත ලන අපද්‍රව්‍යයකින් ඉදිරියේදී ලොව උද්ගතවිය හැකි ශක්ති අර්බුදයකට පිළියම් සෙවීමේ අරමුණ ඇතිව බව ඔවුන් කියයි.
මින් පෙර අවස්ථාවක බි‍්‍රතාන්‍යයේම බි‍්‍රස්ටල් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් පිරිසක් සුලූ දියෙන් ආරෝපණය වන ජංගම දුරකථනයක් එළිදැක්වූහ.
ඔවුන්ද පවසා සිටියේ ළග එන ලකුණු පෙනෙන ශක්ති අර්බුදයට දැන් දැන්ම සූදානම් වී සිටිය යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඒක තමා වැසිකිලි යන්න අවශ්‍ය වුණා. පිටිපස්සෙන් විදුලි කොටනවා වගේ දැනෙන්නේ. බැක්ටීරියා වැඩ කරනවද කොහෙද ? (ස)
අපේ ෆොන් චර්ජ් කර ගන්න පුළුවන්ද?(හේ)
අනේ නොදකින් මගේ බට්ට්රිය බැස්සොත් පොන් එක පොළොවේ ගැහුවත් ඔය චාජරේ නම් මට එපා (අ)
දැන් ඉතින් දුරකතන වල නමත් මාරුකරන්න වෙයි වගේ මීට ගැළපෙන ලෙසට (නි)
ඕවා මොනවද? ලංකාවේ අපේ අය ඉන්නේ මළපහ කරන තැනින් රත්‍රන් එළියට එන. බටහිර රටවලට වඩා අපේ ආසියාව දියුණුයි (නි)
මේක විතයි ඉතිරිව තිබුණේ. එකත් ගත්ත එහෙනම් (දිල්)
මේක විතරි ඉතිරිව තිබුණේ. එකත් ගත්ත එහෙනම් (දිල්)
හොඳ සොයා ගැනීමක්.(හේ)
නියමයිනේ.(හේ)
ගොඩක් හොද වැඩක්. අරපිරිමැස්මට හොදයි.(හේ)
සාර්ථක වුනොත් හොදයි.(හේ)
මේක හැදුවොත් නම් ඉන්දියාවට මරේ මරු ! ජාතික ප්‍රශ්නයක් නිකම්ම විසඳෙනවා ! (බ)
ඉන්දියාවේ බලශක්ති අර්බුදය ඉවරයි.(හේ)
නියමයි (නදී)
ඔය සොයා ගැනීම සාර්ථකනම්.. බැටරිය බැස්සම බැටරි වයර් දෙක මලපහ එන තැන ගහ ගත්තම ඉවරනේ..බන්දුල පෙරේරා ඔයා මේ ක්‍රමය කරලා බලන්න.(අ)
රානිගේ කටේ මසුරන් දාන්න ඕන. (අ)