IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘හැලොං‘ ජපානයට කඩා වදී

පැයට කිලෝ මීටර 180ට වඩා වැඩි වේගයෙන් හමායන හැලොං සුළි සුළඟ හේතුවෙන් ලක්ෂ දහයකට වැඩි ජනතාවක් ආරක්ෂිත ස්ථානවෙත යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද අළුයම ජපානයේ නිරිත දිග දෙසින් රටට ඇතුළු වූ සුළි සුළඟ හේතුවෙන් අකි කොචි ප්‍රදේශයට විශාල බලපෑමක් සිදු වී ඇත. සුළි සුළඟත් සමග මහ වැසි ඇදහැලෙමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ජල ගැලීම් හා නායයාම් ඇතිවිය හැකි බවත් ජපාන කාලගුණ විද්‍යා ආයතනය පවසයි. සුළි සුළඟ රටට ආසන්න වෙමින් පැවතීම හේතුවෙන් ගතවූ පැය 24 දී ගුවන් ගමන් වාර 600ට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බව ද උමං දුම්රිය ගණනාවක් ද අත්හිටුවීමට සිදුව ඇතැයි ද ජපන් රජය පවසයි. මීට මාසයකට පෙර ‘නියොගුරු“ සුළි සුළඟින් ජපානයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබිණි.

japan weather (2) CORRECTION-JAPAN-WEATHER-TYPHOON japan weather (4)

 



අදහස් (0)

‘හැලොං‘ ජපානයට කඩා වදී

තිරඳු Monday, 11 August 2014 04:57 AM

ගාමිණී - සිරි ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමයි (නදී)

:       0       0

සිල්වා Tuesday, 12 August 2014 06:38 AM

ගාමිණි සිරි, බැරිවෙයිද අපේ දේශපාලකයෙක් එහෙම ඔය කිට්ටුවට යවාගන්න? (නි)

:       0       0

ගාමිණී - සිරි Sunday, 10 August 2014 10:11 AM

ජපානයේ සමස්ත වශයෙන් ග්‍රීෂ්මයක් පවතින කාලයේ නිරිත දෙසින් හමා ආ හැලෝන් සුළි කුණාටුව වර්ෂාව සමග පැයට සැතපුම් 110 ට වැඩි වේගයෙන් ගමන් කොට ලක්ෂ 16 කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලටත් ,1000 වැඩි පිරිසක් මියගොස් ඇති බවත් සුවදුක් විමසීමේදී ජපන් මිතුරාගෙන් දැනගන්නට ලැබුනා. (නදී)

:       0       0

කුමාර Monday, 11 August 2014 02:39 AM

ගාමිණී - සිරි, කවුද ඔයාගේ යාළුවා, පට්ටපල් බොරු, මරණ 1යි, අතුරුදන්වීම් 1යි, ලක්ෂ 2 කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලටත් ගියා, නිකන් බොරු ලියන්න එපා චුට්ටක් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක්වත් බලන්න. මම හියුගෝ වල ඉන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site