මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ  කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ  ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිනමක් වූ     ඉන්දියාවේ   ‘බුද්ධගයාන් ආශ්‍රම්‘ මහමෙව්නා අසපුවේ  වැඩ සිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ (32)  දිල්ලි රෝහලක දී අපවත්වූහ.

ඒ හිමියෝ වසර අටක් තිස්සේ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූහ.  

හින්දි භාෂාව ඉතා හොඳින් කතා කළ කුසලචිත්ත හිමියෝ බුද්ධගයාන් අසපුවේ ඉන්දියා දරු දැරියන්ට දහම්පාසලක් පවත්වාගෙන ගියේය. එහි ළමයින් 1400ක් පමණ අධ්‍යාපන ලබති.

ඉරිදා (19) බුද්ධගයාවේ නේරංජනා නදිය අසබඩ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

2[1] 10[1] 1925134_1053442788031289_6922260750694151271_n[1] 11250141_1167018833340350_8911869871007910505_n[1] 11270057_1166109683431265_7080414351779743282_n[1]