ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නා වැඩිහිටියන්ගේ මොළයේ පරිමාව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වන්නේයැයිද ඒ සමග සිතා මතා තීරණ ගැනීමේ හැකියාව ඇතුළු මොළයේ සියලූ ක්‍රියාකාරකම් අඩපණ වන්නේයැයිද සිංගප්පූරු පර්යේෂකයෝ පරිසක් අනතුරු අගවති.
වැඩිහිටි චීන ජාතිකයින් 66 දෙනෙකු යොදාගෙන අවුරුදු 2 ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ඔවුන් මෙම අනතුරු ඇගවීම කර ඇත.
අවුරුදු 2 ක කාලය ඇතුළතදී මෙම චීන ජාතිකයින් 66 දෙනාගේ පරිලෝකන සටහන් නිශ්චිත දින වකවානුවලදී ලබාගෙන ඇති පර්යෙෂක පිරිස ඊට අමතරව ඔවුන් කොපමණ පැය ගණනක් නින්ද සදහා වෙන්කරන්නේදැයි සොයාගැනීමට විශේෂයෙන් සකස් කළ ප්‍රශ්නාවලියක්ද ඔවුනට සපයා තිබේ.
ප්‍රශ්නාවලියට ලබාදී තිබුණු පිළිතුරු අනුව අඩු නින්දක් ලබන්නෝයැයි හෙළිවූවන්ගේ මොළයේ පරිලෝකන සටහන් නිරීක්ෂණය කිරීමේදී කාලයත් සමග ඔවුන්ගේ මොළවල පරිමාව ක්‍රමයෙන් අඩුවන බවක් පෙනී ගියේයැයි පර්යේෂකයෝ පවසති.
අනෙක් අතට නිසි පරිදි නින්දක් ලබන්නෝයැයි හෙළිවූවන්ගේ මොළයේ පරිමාව නොවෙනස්ව පැවතුණු බව ඔවුන්ගෙන් ලබා ගත් පරිලෝකන සටහන් වලින් දැකගත හැකිවූවේයැයිද පර්යේෂක පිරිස කියති.
අඩු නින්ද මොළය ඉක්මනින් වයසට යවනා ප්‍රධානතම හේතුවක් යැයි ඔවුහු හදුන්වාදෙති.
මේ අතර තවත් පර්යේෂක පිරිසක් වැඩිහිටි පුද්ගලයින් 9000 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිඛෙනුයේ අඩු නින්ද පමණක් නොව වැඩි නින්දද එකසේ මොළයට හානි පමුණුවන බවයි.
පැය 6 - 8 අතර කාලයක් නින්දට වෙන් කිරීම ප්‍රමාණවත් යැයි පර්යේෂකයින් දෙපිරිසගේම මතයයි.
නිසි නින්දක් ලබා ගැනීම යනු සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමිීමට,තරබාරු වීමෙන් වැළකී සිටීමට,ආතතිය අවම කර ලීමට,හෘදයාබාධ හා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් වැළදීමට ඇති ඉඩකඩ ඇහිරීමට හේතු වන්නක් බව ඔවුහු දෙපිරිසම පවසති.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරියට නින්ද නැත්නම් ලෙඩ ගොඩයි