
බාල සොහොයුරු හැරී කුමරුන්ට, තම බිරිඳ කේට් මිඞ්ල්ටන් කුමරිය හමුවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ඔටුන්න හිමි විලියම් කුමරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජ පවුලේ සාමාජිකයන් සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමට පෙර, හැරී කුමරු සහ ඔහුගේ නෑණන්ඩිය කේට් අතරේ සමීබ මිතුදම් පැවැතිණි. කේට් කුමරිය පිළිකා රෝගියකු යැයි තහවුරු වෙද්දී ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත් වූයේ හැරී කුමරුන් යැයි ද පැවැසෙයි.
මත ගැටුම් හේතුවෙන් රජ පවුලේ කටයුතුවලින් ඉවත් වී, හැරී කුමරු, ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල් සහ දරුවන් ජීවත් වන්නේ ඇමෙරිකාවේය.
කේට් කුමරිය පිළිකා රෝගියකු බව තහවුරු වීමත් සමඟ, ඇගේ සුවදුක් බැලීමට හැරී කුමරු ඇය හමුවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. කෙසේ නමුත්, එය එසේ නොවනු ඇති බව මාධ්‍ය වාර්තා පැහැදිලි කර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd