අනවසර සංක්‍රමණිකයින් දහසක් පමණ දෙනා රැගෙන යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමට ඉතාලි නාවික හමුදාව පසුගියදා සමත්විය.

ඉතාලි මාධ්‍ය වාර්තා කරන පරිදි සංක්‍රමණිකයින් එහි ගාල් කර සිට ඇත්තේ එකිනෙකා පිට එකිනෙකා සිටින සේය.දෙතුන් සියයකට පහසුකම් සැළසීමට පමණක් ප්‍රමාණවත් බෝට්ටුව යම්යෙහෙකින් පෙරළී ගියේ තත්ත්වය බරපතල වීමට තිබුණේ යැයි එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.

ඉතාලිය හා ග්‍රීසිය මේ දිනවල අනවසරණ සංක්‍රමණිකයින්ගේ ස්ථීර නවාතැන් බවට පත්ව තිබේ. නයිජීරියාව, ලිබියාව, සිරියාව, වියට්නාමය ආදී රටවලින් පැමිණෙන මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත්විට නිදහසට කරුණු ලෙස සදහන් කරන්නේ තම රටවල සිදුවන ඝාතනයන්, සිවිල් යුද්ධ,  වලින් දිවි බේරාගැනීමට හා විරැකියාවට පිළිතුරක් ලබාගැනීමට ජීවිත අවදානමද නොතකා මෙසේ පැමිණෙන බවයි.

යුරෝපයට මේ වසරේ පමණක් අනවසර සංක්‍රමණිකයින් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සදහන්ය.ඒ අතර නෞකා පෙරළීයෑමෙන් මුහුදේ අනතුරට ලක්ව මියගොස් ඇති සංඛ්‍යාව 2000 ක් පමණ වේ.

බි්‍රතාන්‍යය,ප්‍රංශය වැනි රටවල් පැමිණෙන සංක්‍රමණිකයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙල දියත් කර ඇතත් ඒවායින්ද සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගැනීම නොහැකිව තිබේ.

295937F300000578-3111055-image-a-38_1433426650686[1] 2959357C00000578-3111055-Around_25_refugee_boats_have_been_picked_up_by_ships_from_Italy_-a-12_1433431739849[1] - Copy 2959394B00000578-3111055-image-a-48_1433426863366[1] 2959358400000578-3111055-Sorry_start_to_life_A_baby_is_brought_onto_the_Italian_naval_shi-a-4_1433431739807[1] 2959393900000578-3111055-image-m-45_1433426817312[1] - Copy