නීතිවිරෝධීව නිශ්පාදනය කරන මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 45දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මත්පැන් විෂවීම හේතුවෙන් තවත් බොහෝ පිරිසක් රෝහල් ගතකර ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බව බලධාරීහු පවසති. ජකර්තා, බටහිර ජාවා සහ පැපුවා පළාතෙන් මෙම මරණ වාර්තා වී ඇත.
ඉන්දුනීසියාවේ කළුකඩ වෙළඳාම සඳහා මාරාන්තික සාන්ද්‍රණයක් සහිත මෙතනොල් යොදාගෙන ඇති බව සඳහන් වේ. පොලිසිය පවසන්නේ මෙම අනවසර මත්පැන් නිශ්පාදනය කළ නව දෙනකු අත්අඩංගුවට ගත් බවයි.
(බීබිසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd