ලෝ සුපතල 'ටයිම්' සඟරාව, මෙම 2021 වසරේ ලොව කැපී පෙනෙන චරිත 100 නම් කර ඇති අතර, එම 100 දෙනා අතරේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල් ද සිටිති.
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් වෙන් වී ඇමෙරිකාවට ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් සමාජ සේවා කටයුතු රැසක නියැලෙති.
හැරී කුමරු සහ මෙගාන් මාකෙල් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් වූයේ ඔවුන් බ්‍රිතාන්‍ය රජ පවුලදැඩි ලෙස විවේචනය කළ බැවිනි. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට, කැප වී කටයුතු කරන යුවලක් ලෙස 'ටයිම්' සඟරාව හැරී මෙගාන් අර්ථ නිරූපණය කර තිබේ.
මෙම 2021 වසර සඳහා 'ටයිම්' සඟරාව නම් කළ ලොව කැපී පෙනෙන චරිත 100 දෙනා අතරේ කාන්තාවන් 54 දෙනකු සිටීම විශේෂත්වයකි. දේශපාලනික වශයෙන් ලොව කැපී පෙනෙන චරිත ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ වත්මන් උප ජනාධිපති කමලා හැරිස් ද සිටිති.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හැරී මෙගාන් කැපී පෙනෙන චරිත අතරේ