ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී මුහුද මැදදීම එරට වෙරළාරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව නැවත ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙතට භාර කeරුණු අනවසර සංක‍්‍රමණිකයින් 41 දෙනාට දඩුවම් පැමිණවීම සදහා චෝදනා ගොනු කරන බව බළධාරීහු කියති. ඔවුහු ගාල්ල මහේස්ත්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබුහ.

ඕස්ටේ‍්‍රලියා වෙරළාරක්ෂක අංශ වලින් භාරගත් අනවසර සංක‍්‍රමණියකින් 41 දෙනා ගාලූ වරායේදී පොලිසි වෙත භාරදීමට ශී‍්‍රලංකා නාවික හමුදාව කටයුතු කළේය.

ඔවුන් අතරින් 4 දෙනෙක් දෙමළ ජාතිකයින් වූ අතර ඉතිරි සියල්ලෝම සිංහල ජාතිකයෝ වූහ.ඔවුන් අතර කුඩා දරුවෝද සිටියහ.

අනවරසයෙන් රට හැර යාම යන චෝදනාවට වැරදිකරුවන් වුවහොත් ඔවුන් සිරගත කෙරෙනු ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 41 දෙනා රහස් පොලිිසියේ අනවසර සංක‍්‍රමණිකයින් සදහා වන ඒකකයේ ප‍්‍රශ්න කිරීම් වලට යොමු කරන බව පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

ශී‍්‍රලංකාවෙන් පැමිණෙන් අනවසර සංක‍්‍රමණීකයින් මැඩලීමට  ඕස්ටේ‍්‍රලියාව මේ වන විට පියවර රාශියක් ගෙන තිබේ.අනවසර සංක‍්‍රමණිකයින් ගමන් කරන්නේයැයි සැක කෙරෙන යාත‍්‍රා නිරීක්ෂණය කිරීම සදහා විශේෂ විමර්ෂක යාත‍්‍රාවක්ද එරට රජය ශී‍්‍රලංකා නාවික හමුදාව වෙත ලබාදී ඇත.

තවද ජාවාරම්කරුවන්ට හසුනොවන්න යැයි පුද්ගලයින් දැනුම්වත් කිරීමේ ප‍්‍රචාරක වැඩසටහනක්ද  ඕස්ටේ‍්‍රලියා රජයේ මෙහෙයෙවීම යටතේ කි‍්‍රයාත්මකය.

මුහුද මැදදී සංක‍්‍රමණිකයින් ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙත භාරදීම ආන්දෝලනාත්මක තත්ත්වයත් ඇති කළ අතර එක්සත් ජාතීන්ගේ සංක‍්‍රමණිකයින් සදහා වන මහ කොමසාරිස් කාර්යාලය මුහුද මැදදීම අනවසර සංක‍්‍රමණිකයින් භාරදීමට කටයුතු කිරීම මගින්  ඕස්ටේ‍්‍රලියාව එය බැදී සිටින අන්තර්ජාතික ප‍්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කළේය.