IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොර පාරෙන් ගිහින් උසාවියට

ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී මුහුද මැදදීම එරට වෙරළාරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව නැවත ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙතට භාර කeරුණු අනවසර සංක‍්‍රමණිකයින් 41 දෙනාට දඩුවම් පැමිණවීම සදහා චෝදනා ගොනු කරන බව බළධාරීහු කියති. ඔවුහු ගාල්ල මහේස්ත්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබුහ.

ඕස්ටේ‍්‍රලියා වෙරළාරක්ෂක අංශ වලින් භාරගත් අනවසර සංක‍්‍රමණියකින් 41 දෙනා ගාලූ වරායේදී පොලිසි වෙත භාරදීමට ශී‍්‍රලංකා නාවික හමුදාව කටයුතු කළේය.

ඔවුන් අතරින් 4 දෙනෙක් දෙමළ ජාතිකයින් වූ අතර ඉතිරි සියල්ලෝම සිංහල ජාතිකයෝ වූහ.ඔවුන් අතර කුඩා දරුවෝද සිටියහ.

අනවරසයෙන් රට හැර යාම යන චෝදනාවට වැරදිකරුවන් වුවහොත් ඔවුන් සිරගත කෙරෙනු ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 41 දෙනා රහස් පොලිිසියේ අනවසර සංක‍්‍රමණිකයින් සදහා වන ඒකකයේ ප‍්‍රශ්න කිරීම් වලට යොමු කරන බව පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

ශී‍්‍රලංකාවෙන් පැමිණෙන් අනවසර සංක‍්‍රමණීකයින් මැඩලීමට  ඕස්ටේ‍්‍රලියාව මේ වන විට පියවර රාශියක් ගෙන තිබේ.අනවසර සංක‍්‍රමණිකයින් ගමන් කරන්නේයැයි සැක කෙරෙන යාත‍්‍රා නිරීක්ෂණය කිරීම සදහා විශේෂ විමර්ෂක යාත‍්‍රාවක්ද එරට රජය ශී‍්‍රලංකා නාවික හමුදාව වෙත ලබාදී ඇත.

තවද ජාවාරම්කරුවන්ට හසුනොවන්න යැයි පුද්ගලයින් දැනුම්වත් කිරීමේ ප‍්‍රචාරක වැඩසටහනක්ද  ඕස්ටේ‍්‍රලියා රජයේ මෙහෙයෙවීම යටතේ කි‍්‍රයාත්මකය.

මුහුද මැදදී සංක‍්‍රමණිකයින් ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙත භාරදීම ආන්දෝලනාත්මක තත්ත්වයත් ඇති කළ අතර එක්සත් ජාතීන්ගේ සංක‍්‍රමණිකයින් සදහා වන මහ කොමසාරිස් කාර්යාලය මුහුද මැදදීම අනවසර සංක‍්‍රමණිකයින් භාරදීමට කටයුතු කිරීම මගින්  ඕස්ටේ‍්‍රලියාව එය බැදී සිටින අන්තර්ජාතික ප‍්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කළේය.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

හොර පාරෙන් ගිහින් උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site