නීතිවිරෝධි අයුරින් බොට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවත් එසේ පැමිණෙන කිසිවකුට එරට රැඳි සිටීමට අවස්ථාව නොලැබෙන බවත් ඕස්ට්‍රේලියා රජයේ වෙරළ ආරක්ෂක ක්‍රියාන්විතය යටතේ ක්‍රියාත්මක වන දේශසීමා මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇන්ඩෘ බොට්රෙල් පැවැසීය.
අවසාන වරට මේ ආකාරයෙන් බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවට පැමිණියේ වසර දෙකකට පෙර බවත් නීතිවිරෝධි අයුරින් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් සිදුවෙන්නේ තවත් අමාරුවේ වැටීමක් බවත් මේජර් ජෙනරාල් ඇන්ඩෘ මහතා පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මේජර් ජෙනරාල්වරයා.
“නීත්‍යානුකූල ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න. එහිදි ඔබට ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දෙන පහසුකම් ලැබෙනවා. ජාවාරම්කරුවන්ගේ අසත්‍යවලට හසු වී නීතිවිරෝධි අයුරින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් ඔබව පිටුවහල් කරනවා පමණක් නොව, ඔබට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එය ඔබට පමණක් නොව ඔබේ රටේ අනෙක් ප්‍රජාවටත් බලපානවා.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටිනවා. අපි ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව වෙනත් රටවලින් ද නීත්‍යනුකූල අයුරින් ඕස්ට්‍රේලියාවය පැමිණෙන පිරිස්වලට විවිධාකාර පහසුකම් සපයනවා. නීතියට අනුව ඕස්ට්‍රේලියාවට පැමිණීමට සියලු දෙනාට අවස්ථාව තිබෙනවා.
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ ගැන අප සතුටට පත්වෙනවා. යුද්ධයෙන් අවතැන් වූවන් නැවත සමාජගත කිරීම සඳහා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 250ක මුදලක් ආයෝජනය කර තිබෙනවා.
නීතිවිරෝධී අයුරින් ඕස්ට්‍රේලියාට පැමිණී දහස් ගණනක් මහ මුහුදේදී ජීවිතක්ෂයට පත්වුණා. අනතුරට පත්වුණා. මේ ආකාරයෙන් විශාල පිරිසක් මිය යන්නට ඇති. ඒ පිළිබඳ තොරතුරු නැහැ. නීතිවිරෝධී ආකාරයෙන් ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණීම එක්තරා ආකාරයකින් ජීවිත අවදානමක් . ඒ ජීවිත අවදානම ගෙන ඔබ පැමිණියත් ඔබට ඕස්ට්‍රේලියාවේ පදිංචිවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඕස්ට්‍රේලියාව සූදානම් වන ජනතාවගේ මුදල් පවා නැති වෙනවා. ජාවාරම්කරුවන් ජනතාවගේ මුදල් මංකොල්ල කනවා. ඒ අසරණ ජනතාවට ජීවිතය නැතිවෙනවා, මුදල් නැතිවෙනවා පමණක් නොව කෙසේ හෝ ඕස්ට්‍රේලියා දේශසීමාවට පැමිණෙන පිරිස නැවත පිටුවහල් කරනවා.
නීතිවිරෝධි ආකාරයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස්වලට එරෙහිව අපි දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා නීත්‍යානුකූලව ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න. අපි ශ්‍රී ලංකා රජයත් සමඟ එකතු වී ජනතාව ජාවාරම්කරුවන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම කටයුතු කරනවා. ජනතාව දැනුම්වත් කිරීම සඳහා කටයුතු කරනවා.
ඒ වගේම නීත්‍යනුකූල ලෙස ඕස්ට්‍රේලියාව පැමිණෙන ආකාරය, ලිපිගොනු, එසේ පැමිණීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරනවා. කවුරුන් හෝ ඕස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරනවා හොඳම දෙය ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට පැමිණීමයි. මම නැවතත් අවධාරණය කරනවා, නීතිවිරෝධි අයුරින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කරන්න එපා. එය කිසිදු ප්‍රතිඵලයක් නැති වැඩක්. නීත්‍යානුකූල ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න. අප ඔබව සාදරයෙන් පිළිගන්නවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මුලින්ම අපේ රට දියුණු කරමු. ඊටපස්සේ ඕනෑම කෙනෙකුට ඕනෑම රටකට යන්න පුලුවන් (නි)
හොඳ වැඩක්.අපේ අය මේ රටට හොරෙන් ඇවිල්ලා අපේ රස්සවලටත් පහර ගහනවා.ලාබෙට වැඩ කරනවා.මෙහෙ දැන් ප්‍රශ්න ගොඩාක් ඇතිවෙලා තියෙන්නේ.ඉන්න අයටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැතිබවයි පෙනෙන්නේ. (බ)
මෙච්චර ලොකු ඕස්ට්‍රේලියාවට කවුරු අාවත් මොකද? මේ ඉඩකඩ, රස්සා ඕනෑතරම් තියෙන්නේ. කිසිදා නොමැරෙන මිනිසුන් වගේ කතාකරන්න එපා මිලානෝ (නි)
මේ මිනිස්සු එක එකා රවට්ටාගෙන, අනෙකාගේ කකුලෙන් ඇද ඇද, ඇනකොටා ගෙන, අම්මා තාත්තා සහෝදරයෝ මරාගෙන, දිවා රාත්‍රී නැතුව දේපල එකතු කරන්නේ යනකොට ගෙනයන්නද? (නි)
විකුම් රංගන, ඔය ටික ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් මෙහෙ ඇවිල්ලා ඉන්න අයට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. (නි)
ඔයාලට යන්න ඔනමනං යන්න ඔය කියන විදිහට අසාදාරන කම් කරන්නේ නැහැ. (ර)
මම ඉන්නේ දකුණු ඕසට්‍රේලියාවේ. මෙහෙ ජර්මනියේවත් නැතිතරම් ජර්මන් ටෙක් අය ඉන්නවා. ලංකාවේ දොස්තරලා ලෝකෙම හොඳ දොස්තරලා වෙලා. ලංකාවේ ඉංජිනේරුවෝ පම්පෝරි ගහමින් ඉන්නවා. හොරෙන් අා අය පිරිසිදු කර කර ඉන්නවා. කැපිලි කෙටිලි කරමින් ලංකාවේ වගේ ජීවිතයක් මෙහෙත් ගෙවනවා. (නි)
හැබැයි ඉතින් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා, ලංකාවේම ඉඳගෙන, තියෙන ජරා වැඩ ඔක්කොම කරලා, රටත් ජාතියත් විනාශ කරමින් ලංකාවේම ජීවත්වන සමහර හොරුන්ට වඩා පිටරටකට ගිහින් තම පවුල හදාගන්න මිනිස්සු මට නම් වටිනවා. (නි)
ඒත් මිනිස්සු පෙළඹිලා ඉන්නෙම හොරෙන් කරන වැඩ කරන්න (නි)
අපි දන්නා ගොඩක් අය ජීවිතේ පළමු වරට සන්ග්ලාස් දැම්මෙත් ඔස්ට්‍රේලියාවට ආවට පස්සෙයි. ලංකාවේ ගමට ගියාම වැස්ස වෙලාවටත් සන්ග්ලාස් දාගෙන ඉන්නේ ඒ අයයි. ඒ අය ලංකාවේ මදුරුවන්ට, දුවිලි වලට, ඉස්සර එක පතේ කාගෙන හිටපු කැරපොත්තන්ට හරිම බයයි. කොටින්ම ඒඅයට ලංකාවත් ලංකාවෙන් මෙහෙ එන සරණාගතයොත් හරිම අමිහිරි අත්දැකීමක්. පිටිගල ඔබ වැනි පීඩිත කොටස් ගැන පිටරටවල සිට කතා කරන අය අඩුයි. (බ)
බෝට්ටුවලින් ලංකාවෙන් ආ බොහෝ දෙනෙක්, හොර ජාවාරම්කරුවන්ට විශාල ලෙස මුදල් දී ඒ අයගේ බොරු පොරොන්දු වලට රැවටී හොරෙන් ආ අයයි. ඒ අය සරණාගතයින් නොවෙයි. ඕනෑම රටක නීතියට අපි ගරුකළ යතුයි. (නි)
ඔය කොච්චර එපා කිවුවත් යන මිනිස්සු ඉන්නවා (නි)
පිරිගල මිලානෝ, ඔයා හිතනවද ඔයා යන ඔක්කොම සරණාගතයො කියලා. (නි)
ලංකාව, ඉන්දියාව, බංගලාදේශය වගේ සාෆ් රටවල් කියන්නේ ලෝකේ ඉතාමත් දුප්පත් මිනිසුන් ඉන්න රටවල්. ඒ දුප්පත්කමට හේතුව තමයි කම්මැලිකම සහ නූගත්කම. (නි)
පිටිගල මිලානෝ ඔයා කියන හැටියට ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනයට මේ සරණාගතයින්ද අනියම්ව ගෙවා ඇති බව ඔවුන්ට අමතකය නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගන ගත්තෙ පිටරට ඉන්න මිනිස්සු විතරක් නෙමේ සහෝදරයා...ඔය කියන සරණාගතයො, පාරවල් අතුගාන මිනිස්සු, පොල් කඩන මිනිස්සු, දොස්තරලා, ඔක්කොම ඉගන ගත්තෙ නොමිලේ දෙන අධ්‍යාපනෙන්....(බ)
සරණාගතයින් විදිහට ආවම ලංකාවටම කැළලක්... සැබෑම සරණාගතයින්, ත්‍රස්තවාදී සරණාගතයින් සහ බොරු සරණාගතයින් වශයෙන් වර්ග තුනක් ඇති බවයි මට තේරෙන්නේ.. මේකේ අදහස් දාලා තියෙන සමහරු සිඩ්නි ගිහින් තියෙන්නේ සරණාගතයින් වගෙයි පෙන්නේ.. (ර)
පිටිගල මිලානෝ, මානව විද්‍යාත්මකව ඕස්ට්‍රේලියාවේ අැබෝරිජින්වරු අපේ ආදිවාසීන් වන වැදි ජනතාවට නෑකම් කියනවා. එය විද්‍යාත්මක සත්‍යයක්. ඔවුන් හඳුන්වන්නේ ඔස්ට්රෝ ලොයිඩ් වංශිකයින් කියලා. . ඔබටත් වැදි සම්බන්ධයක් තිබෙනවා නම් පහසුවෙන් ඕස්ට්‍රෛලියාවේ පුරවැසිකම ගන්න පුළුවන් (නි)
හොරෙන් හරි ගියානම් ඇති මටනම්. (ර)
ජීවිත කාලය පුරාම විවිධ රටවල රාජකාරී කළ මා ලංකාවට පැමිණියේ මගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නයි. ඔය පිට රටවල මොන පහසුකම් දුන්නත් මගේ නෑදෑ හිතමිත්‍රාදීන්ගේ සුසුමින් සුවඳවත්වූ මගේ ශ්‍රී ලංකාව මට අගෙයි. මා මේ පොළොවට ණය ගැතියි. මා මියගිය පසු මේ පොළොවේ මිහිදන් කරන්න. (බ)
උපාධි අරගෙන ඔස්ට්‍රේලියාවට පනින අයගෙත් ඉංග්‍රීසි අන්තිමයි. ඔය ගොඩක් අය මේ නිසාම රස්සා නැතුව ලත වෙනවා. (ර)
ඇත්තම කියනවා නම් මම දැක්ක දෙයක් තමයි අපේ රටටත් මෙහි සිටින අනෙක් ලාංකිකයන්ටත් මේ ජර්මන් ටෙක් අයගෙන් හොඳ සේවයක් සිදුවෙනවා. අපේ කට්ටිය අතර සම්බන්ධකම් ගොඩනඟන හොඳ පාලමක් මේ කට්ටිය ගොඩනඟනවා. මම නම් ඔබගේ සේවය අගයනවා. එයාලගේ සේවය ඔය කියන රටට ගැළපෙනවා නම් අපි මොකටද හිනාවෙන්නේ? (නි)
පිටිගල මිලානෝගේ දැනුම උතුරනවා (නි)
නිදහස් අධ්‍යාපනය ලබන්නට අපේ රටේ දුප්පත් මිනිසා ගෙවූ කුලියද නොතකා, රටට නොගෙවා 'මයිග්‍රෙට්' ක්‍රමයට යන කෙනාත් බොරු සරනාගතයාත් අතර වෙනසක් නැති බවයි මට පෙනෙන්නේ. (ර)
එක රටේ හිටියත් කුහක ලාංකිකයා ජර්මන් ටෙක් අයව පහත් කරලා කතාකරන්නේ. පිටිගල මිලානෝ විතරයි පොඩි මිනිහගේ පැත්ත අරන් කතාකරන්නේ. අර කිව්වත් වගේ හෙට අනිද්දාම ලැබූ නිදහස් අධ්‍යාපනේට ගෙවන්න බලාගෙන ඉන්න පිටරට වල වැඩ කරනවා නම්. (නි)
ග්‍රේබ්‍රියල් කියන එක සහතික ඇත්ත. හුඟක් වෙලාවට අපි ලංකාවේ ඉහළයි කියලා හිතාගෙන ඉන්න සුදුසුකම් ඔවුන් ගණන් ගන්නේ නැහැ ඔවුන්ගේම සුදුසුකම් සහ පළපුරුද්ද මිසක්. රැකියාවක් සොයාගැනීම අපහසුයි. දැන් මුළු ලෝකයේම විරැකියාව වැඩි වෙනවා, ඒකයි ඇත්ත. සුදුසුකම් තියන අයටත් මෙහෙම නම් බෝට්ටුවෙන් එය අය ගැන කවර කතාද? (නි)
කාලීන අදහසක් පිටිගල. මැදපෙරදිග අයගෙන් හැරෙන්න අනිත් රටවල ඉන්න ඔක්කොගෙන්ම මෙම ගාස්තුව අය කරන්න ඕනෑ. නිදහස් අධ්‍යාපනය ලබාදෙන්නේ රටට සේවය කරන්න මිසක් රට පැනලා හොඳින් කාලා බීලා සන්ග්ලාස් දාගෙන ගමට ඇවිල්ලා දුප්පත් නෑයොත් එක්ක කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන්න නොවෙයි. (නි)
මොහාන්, ඔබ හරි. පිටිහල මිලානෝ සරණාගත ප්‍රශ්නයට කොහෙත්ම සම්බන්ධ නැති නිදහස් අධ්‍යාපන කතාවක් ඇදගෙන විකාර කියවනවා. අනික, ඔස්ට්‍රේලියාවට නිසි මගින් එන අයට ඔවුන් ඇත්තටම සලකනවා. සරණාගත ස්වරුපයෙන් එන්න හදන නුසුදුසු පුද්ගලයන්ටයි ඔවුන් මේ අවවාදය දීල තියෙන්නේ. (ර)
රටම යන්න ඕනේ නැහැ දැන් ලංකාවේ ඕන තරම් ජොබ් තියෙනවා. (ර)
පිටිකළ මිලානෝ ඔය විදියට කතා කරන්න එපා.. (ර)
ඇත්ත පිටිගල... නිදහස් අධ්‍යාපනයෙන් තමයි මව් රටට සේවයක් නොකර මුදල් සහ ලංකාවේ නොලද සැප උදෙසාම මෙහි පැමිණ ඇති ලාංකිකයෝ හරිම කුහකයි. (ර)
සෑම්, දිනේෂ් , මිහිරි ඔබලා සමග මමත් එකගයි. (ර)
පිටිගල මිලානෝට කියන්න ඕනෑ ටික නන්දන පනාගොඩ කියලා තියෙනවා. දෙන්නාම එක් කෙනෙක්වද්ද? (නි)
පිටිගල මහත්තයෝ, ඔබ මිලානෝ හිටියත් මෙහෙ ලාංකිකයෝ ගැනත් හොඳාකාරව දන්නා පාටයි. ලංකාවේ දහදුක් විඳලා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඕස්ට්‍රේලියාව තමන්ගේ මාතෘභූමිය කරගත් සමහර ලාංකිකයන්ට මෙහෙ තරම් තවත් සැපතක් නැත. ඒ නිසාම ලංකාවේ තවත් කෙනෙක් එය විඳියි කියලා ඔවුන් හරි බයයි. ඒනිසා ඔවුන් ලංකාවේ සරණාගතයන්ට පක්ෂව කිසිම හඬක් නඟන්නේ නැහැ. (නි)
සිසිර සිඩ්නි, ඔබ ලියා තිබෙන දෙයෙහි සත්‍යතාවයක් තිබෙනවා, සාමාන්යෙන් ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල ඉංග්‍රීසි භාෂාවත් අනෙකුත් රටවල වෙනත් භාෂාවනුත් කතාකරනවනේ. එත්, ඔවුන් ඒ රටවල කුමන භාෂාව කතා කලත් සිංහලත් ඉතාම හොඳට සිංහල භාෂාව හසුරුවන්න පුළුවන්. එත්, ඕස්ට්‍රේලියා ගිය අයගේ සිංහල උච්චාරණය හරිම වෙනස්. ඒ අය හරිම අමාරුවෙන් සිංහල කතාකරන බව පෙන්වන්න හදනවා මම දැකලා තියනවා. මට තවම හිතා ගන්න බැරි එහෙම වෙන්නේ මොකද කියලයි? (ර)
ඕස්ට්‍රේලියාව සමඟ බලනවිට ඉතාලිය මානුෂික දයාව අතින් ඉහළ රටකි. සරණාගතයන් වශයෙන් ඉතාලි භූමියට පය තැබූ අයට මේ රට සළකන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අනුකූලවය. නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට ගොස් ඇති ආත්මාර්ථකාමී ලාංකිකයෝද ලංකාවෙන් යන සරණාගතයන්ට දක්වන්නේ අඩු සැළකිල්ලකි. නමුත් ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනයට මේ සරණාගතයින්ද අනියම්ව ගෙවා ඇති බව ඔවුන්ට අමතකය. (නි)
අශිකා, ඔබ හරි. මමත් ඉන්නේ මෙල්බර්න් වල. ජර්මන් ටෙක්කාරයෝ මෙහෙ වැහිවැහැලා. අපේ ගේ ඉස්සරහා තියෙන බේකරියේ වැඩ කරන්නෙත් ඒ එක්කෙනෙක්. ඒ අය කතාකරන ඉංග්‍රීසි මේ ලෝකේ කොහෙවත් නැහැ. (නි)
සම්පුර්ණ ඇත්ත පිටිගල. ඉන්දු වැනි අය මයිග්රේට් වෙලා ඔස්ට්‍රේලියාවට යන්නෙත් තවෙකෙක් බෝට්ටුවේ යන්නෙත් තම දුවා දරුවන්ට හරි හමන් කෑමක් බීමක් ඇඳුමක් අරන්දෙන්න ලංකාවේ ඇති අමාරුකම නිසා ඇතිවන වානිජමය පරමාර්ථයෙන්. යන්නට පෙර දෙදෙනාගේම චේතනාව සහ පරමාර්ථය එකක් වුවත් ඔවුන්ව පිළිගන්නා රට තමයි සරණාගත හෝ මයිග්රේට් යන ලේබලය අලවන්නේ. (ර)
පහුගියකාලේ පැකර් මහත්තයලා බලෙන් ලංකාවට එන්න හැදුවා. දැන් අපේ අය හොරෙන් ඕස්ට්‍රේලියා යන්න හදනවා. එතකොට එ්කේ තේරුම සූදුවට ලංකාව හොඳයි, වැඩ කරන්න ඕස්ට්‍රේලියාව හොඳයි කියන එකද? (නි)
පිටිගල මිලානෝ, කිසිම ප්‍රමිතියක් නැතුව අාවට ගියාට සරණාගතයෝ අරගෙන ඉතාලිය හොඳටම අනාගෙන. මෙහෙ කොටින්ම කිව්වොත් තුන්වෙනි පන්තියේ උදවිය නැහැ. එ්ක නිසා අසුන්දර කතා අසන්න දකින්න නැහැ. නීතියේ හැටියට දොර ඇරෙන්නේ උගතුන් හෝ සුවිශේෂී දක්ෂතා ඇති අයට පමණි. (නි)
අපි දන්නා විදියට පිටිගල කාලෙකට ඉඳලා ඔය ගාස්තුව ගැන දේශපාලකයන්ට ලියනවා. ළඟදීම කාට කාටත් රටට ඇතුල් වනවිට අධ්‍යාපන බිලක් අතට ලැබෙයි. (අ)
සරලා ඇවිල්ලා තියෙන්නේ වැරදි රටකට. මෙහෙ කකුල් දෙක තියාගෙන මෙහෙටම කපන උදවිය මෙහාට ගැළපෙන්නේ නැහැ.සේරම වරප්‍රසාද භුක්ති විඳින ගමන් කියන කතා කතා? කව්ද කැමති අපේ රටේ කෙනෙක් වැරදි විදියට ඇවිල්ලා අමාරුවේ වැටෙනවට? ඔයාට හොර බෝට්ටුවක්වත් තියෙනවද? (නි)
ජර්මන් ටෙක් අය සාමාන්‍ය පෙළ සමත් වී මෙහි ආවත්, සමහරුන්ට ඕස්ටේලිවේදී ප්‍රශ්න රාශියකට මුන දෙන්න වෙනවා, ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම මදිකමෙන්ම කොම්පුයුටර් මගින් වාහන සේදීම වෙනි නවීන තාක්ෂණය නොදෙන සිටීමත්,කාර්මික දැනුම අඩු වීමත් නිසා ඔවුන් පිරිසිදු කිරීම් වැනි රස්සා කිරීමට පෙළඹෙනවා නමුත් ඔවුන්ගේ 2වෙනි පරම්පරාව මෙහි හොඳ අධ්‍යපනයක් ලබනව හොරෙන් මෙහි එනවට වඩා මෙලෙස පැනීම අගය කල යුතුයි ඒත් මෙහි සිටින අනෙකුත් උගතුන් මොවුන්ගේ පෙමෙනීම හෙළ දකින්නේ ඔවුන් නුඋගතුන් ලෙසයි (අ)
සමහරු ඉන්නවා පුරවැසිකම ගන්න බැරුව රැකියා සොයාගන්න නොහැකිව දඟලන. ඒගොල්ලන්ගේ වැඩේ මේ රටටත් මේ රටේ සිටින අනෙක් ලාංකිකයන්ටත් බනින එක. අන්න ඒගොල්ලෝ තමා නියම කුහකයෝ. (නි)
පිටිගල මිලානෝ ඔය ටික ලංකාවේ ජිවත් වෙමින් කිව්වා නම් තමයි හොඳ. ඔබත් ලංකාවේ නිදහස් අධ්යාපනුයෙන් ඉගෙනගෙන පිටරටකට වෙලා දැන් වෙනත් රටක ඉන්න ලාංකිකයන් කෙරේ ද්වේශයකින් ඉන්න බව පැහැදිලියි. එකත් එකටම ඔබ ඕස්ට්‍රේලියාවේ විසා ප්‍රතික්ෂේප වුන කෙනෙක් ද කොහෙද . (ර)
මට හිතෙන්නේ පිටිගල මිලානෝ ඔස්ට්‍රේලියාවට යන්න බැරි වෙලා අන්තිමේ ඉතාලියට බෝට්ටු සවාරියක් ගිය කෙනෙකු වගේ. ඔය සරණාගතයන් අවංකව සරණාගතයන් ද කියලා ඔබ කියන්නේ කොහොමද ? (ර)
ඔය කොච්චර කිවුවත් අපේ අය කරන්නේ එපා කියනදේම තමයි (නි)
ඉතා හොඳ තීරණයක්. අගය කරමි. (නි)
මම ඉන්නෙත් මෙල්බෝන් වල. ලංකාවෙන් එද්දී මම උපාධියක් කරලා අාවත් මෙහෙදී අලුත් උපාධියක් කළා. ලැජ්ජා නැතුව මට කියන්න පුළුවන් මම මෙහෙ පිරිසිදු කිරීමේ රැකියාවක් කරන්නේ කියලා (නි)
ඕස්ට්‍රේලියාව දුප්පත් සරණාගතයන් එපා කීවට හොද හොද වැඩ කාරයෝ එපා කියන්නේ නෑ(දොස්තරවරු ඉංජිනේරුවෝ වගේ අයව තෝරලා ගන්නවා )ඒ අය අතරින් ලංකාවේ හොද හොද වැඩ කාරයෝ සේරම ඉන්නේ ඕස්ට්‍රේලියාව වගේ රට වල (බ)
දුප්පත් කම් නිසා අපේ සහෝදරයන් බෝට්ටු වලින් රටවල් වලට යනවා. (ර)
පිටිගල මිලානෝ , ඔස්ට්‍රේලියාවට එන හැබෑ සරණාගතයින්ට ඉතා ඉහළ වරප්‍රසාද තියනවා . ලංකාවෙන් යුද්ධ කාලේ ආපු දෙමල බහුතරයක් සහ 88-89 කාලේ ඉතාම අතලොස්සක් සිංහලයෝ නියම සරණාගතයින් හැටියට සැලකිය හැකි වුනාට අති බහුතරය බොරු කාරයෝ . මෙහෙට ඇවිත් ලංකාවේ ආණ්ඩුව , ජාතිවාදය , ආගම් වාදය ගැන ගල් පැලෙන බොරු කියලා මෙහෙ ජීවත් වෙන ලාංකිකයින්ගේත් තත්වය නැති කරනවා. (බ)
නිදහස් අධ්‍යාපනය ලබා පිටරට සිටින සියල්ලන්ගෙන්ම ඔවුන් නිදහස් අධ්‍යාපනය ලැබූ ප්‍රමාණය අනුව එනම්, පාසල සහ උසස් අධ්‍යාපන ආයතන වලට ඒ ඒකාල වලට යම් මිලක් නියම කර ඒවා වහාම අය කර නැවත අධ්‍යාපන ක්ෂේත්‍රයේම ආයෝජනය කරන්න. (ර)
අනේ පිටිගල මිලානෝ,ඔබතුමා ඔය කටින්ද කතා කරන්නේ...? එහෙනම් ඇයි ඔබතුමාගේ පුතාව ඉගෙන ගන්න ඔස්ට්‍රේලියාවට එව්වේ. [ඔයා කැමතිනම් පුතා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන තැනත් කියන්නම්] ඔබතුමාටත් තිබුනානේ ඉතාලියේම පුතාව තියාගන්න.මේ කතාව දිග වැඩි වුනත් කියන්න වෙනවා.මම ජීවත් වෙන්නේ මෙල්බර්න් වල.මම මේ රටට ඇවිල්ලා දසක දෙකහාමාරක් වෙනවා.අපි මෙහාට එන්න කලින්, අපේ සුදුසුකම් පෙන්නලා,ඔවුන් සැහෙන කාලයක් ගත්තා මට ස්ථිර පදිංචි වීසා ලබා දීමට (බ)
මොන මගඩියක් හරි කරලා වීසා එකක් හදාගෙන විදේශ ගත වෙන එකයි බෝට්ටුවෙන් සරණාගතයෝ විදිහට රටකට ගොඩබහින එකයි අතරේ මහා ලොකු වෙනසකුත් නැහැ. ඔය දෙගොල්ලන්ගේම තියෙන්නේ මුදල් හම්බ කරීමේ පරමාර්ථය තමයි. ස්ටුඩන්ට් වීසා එකක් හදාගෙන යන අයත් බලන්නේ ඉගෙන ගන්න අතරේ කියක් හරි හම්බ කර ගන්න තමයි. (ර)
ලාංකීය ජනතාවනි, ඕස්ට්‍රේලියානුවන් ලංකාවට බෝට්ටුවෙන් එන දවස වැඩි ඈතක නෙමෙයි. (නි)
මේ ගොල්ලෝ ඕස්ට්‍රේලියාව බලෙන් අල්ලාගෙන දැන් කතා කරන්නේ එයාලාගේ වගේ ගිය කල. ඕකේ අයිති කාරයෝ කළු මිනිස්සු හොදේ ඔය සුදු අය නෙමේ.ඕනි තරම් ඉඩ තියෙන රටක් (බ)
පිටිගල මිලානෝ, ඉතාලියේ ඔබලා වැනි සරණාගතයින්ට හොඳට සලකලා කරගත්තු හරිය ගැන අවබෝධ වෙලා වෙන්න ඇති දැන් ඕස්ට්‍රේලියානුවන් සරණාගතයින්ට ඔය විදිහට සලකන්නේ. (බ)
ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචි කරුවන් වූ ඇබෝරිජිනල් මිනිස්සු ඒකාලේ මේ අයටත් ඔහොම කීවලු. (බ)
පිටිගල, මිලානෝ නගරයේ කලක් ව්‍යාපාරික කටයුතු කළත් පදිංචිය ස්විට්සර්ලන්තයේ. මෑත කාලයක සිට ඉන්නේ මෙල්බර්න් නගරයේ. නුවර ප්‍රධාන පුද්ගලික විදුහලකට ගිය නිසා මොහුට ගෙවන්න ඇත්තේ පේරාදෙණියේ අවුරුදු හතරක ණය විතරයි. එ්කයි ඔයා ඔච්චර සද්දේ දාන්නේ. අපි නොදන්නා පිටිගල. (නි)