නැගෙනහිර අප්‍රිකාවේ උතුරු කොටසට අයත් එරිට්‍රියා රාජ්‍යයේ ආගමික නායකයින්ගේ නිර්දේශයක් අනුව තරුණ පිරිමින්ට විවාහ දෙකක් කරගැනීම අනිවාර්ය කළ බවට පැතිරී ඇති කතාවේ කිසිදු සත්‍ය තාවයක් නැති බව එරට බලධාරීහු පවසති.
එරිට්‍රියාවේ මාධ්‍ය ඇමැති යෙමනේ ගෙබ්රෙමෙස්කෙල් පවසා ඇත්තේ "මෙවන් අසත්‍ය තොරතුරක් ලොව වටා ලැව් ගින්නක් ලෙස පැතිරී ඇති අන්දම බියජනක" බවය.
මෙම ප්‍රවෘත්තිය කෙන්යාවේ " ද ක්‍රේසි මන්ඩේ" සහ නයිජීරියාවේ " ද විස්ලර්" වැනි මාධ්‍ය ආයතනවලින් ප්‍රසිද්ධ කර තිබුණි.
එයින් කියවුනේ 1998 - 2000 අතර කාලයේදී ඉතියෝපියාව සමග පැවැති සිවිල් යුද්ධයේදී තරුණ එරිත්‍රියානු සොල්දාදුවන් 150,000 කට වැඩි පිරිසක් මිය ගිය බැවින් රටේ තරුණ පිරිමින්ගේ විශාල අඩුවක් ඇති බවත් මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා "විවාහ දෙකක් සිදු කර ගන්නා පිරිමින් වෙනුවෙන් විවාහ මංගලෝත්සවය සඳහා යන වියදම රජය විසින් දරනු ලබන බවත් ඔවුන්ට නිවාස පහසුකම් ලබාදෙන බවත්" එරිත්‍රියා රජය සහතික වී ඇති බවය.
එලෙසම " කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිමින්ටත් විවාහක බිරිඳ විසින් තම ස්වාමි පුරුෂයාහට තවත් විවාහයක් කරගැනීමට ඉඩ නොදී එයට බාධා කිරීම හෝ එම විවාහය සිදුවීම වැළැක්වීමට කටයුතු කිරීමට විරුද්ධව නඩු පවරන බවත් වැරදිකරුවන් වන්නන්ට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරඳඬුවමක් විඳීමට සිදුවීමට ඉඩ ඇතිබවත්" එම වාර්තාවල දැක්විණි.
අප්‍රිකානු ජාතීන් අතර එරිට්‍රියා සහ ඉතියෝපියා රටවල ළමිස්සියන් රූබර බවට විශ්වාසයක්ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක බොරුවක්ද? අපරාදේ යන්න හිටියේ එහෙට (හේ)
එහෙම දෙයක් අපේ රටට ගෙන්න බැරිද දන්නේ නෑ.(හේ)
ඒකනායක මහත්තයෝ ලංකාවේ තියෙන්නේ ඕකේ අනිත් පැත්තනේ. ඇයි උඩරට නීතියේ විදියට එකගෙයි කෑම. එක බින්දැයි, මිනිස්සු 2යි . ලෝකේ වෙන කොහෙද ගැහැනුන්ට එහෙම තැනක් දීල තියෙන්නේ?(කෞ)
පිටිගල මිලානෝ, මරදාන පැත්තේ රවූමක් යන්න. (නි)
ඔය කියන තරම් රූබර ගැහැණු කොහෙද ඉතියෝපියාවේ අපි ඉන්න රටවල ය ජීවත් වෙන්නේ ශරීරයයි (කෞ)
එරිත්‍රියාවේ පුරවැසිකම ගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් කියන්න (ම)
අසෝකා, ඕක ලංකාවේ විතරක් තිබුණු සිරිතක් නෙවෙයි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ හින්දු මිනිස්සු අතර මේ මෑතක් වනතුරු ඔය සිරිත තිබිලා තියෙනවා, ඒකට හින්දු ආගමෙනුත් යම් තරමක පිටිවහලක් ලැබිලා තියෙනවා, මහාභාරත් කියන හින්දු ආගමික කතාවේ ද්රෝපඩී කියන ගින්නෙන් උපන් කාන්තාවක් අයියා මලෝ පස්දෙනෙක් සමග විවාහ වෙලා හිටියා. (බ)
ඕක නීතියෙන් අපේ රටේ නැතිවුණාට බහුතර පිරිමි තම බිරිඳට අමතරව වෙනත් ගැහැණු තබාගෙන ඉන්නා බව පුවත්පත් මඟින් දකිනවා. පිරිමි වාගේම ගැහැණුත් සමහරු තම විවාහක පුරුෂයාට අමතරව වෙනත් පුරුෂයන් සමඟ ඉන්නා බවත් දැක තියෙනවා. ඕකට ඔය රටටම යන්න ඕනෑ නැහැ, පිටිගල මහත්තයෝ (නි)
මිලානෝ පංචිකාවත්තේ පරණ ගාමිණී හෝල් එක ළඟට හරි ශාලිමර් එක ඉදිරි පිටට හවස 6 න් පස්සේ යන්න එහෙට ගියා වගේ තමයි. (බ)
එසැන එකෙන් අපේ ගැහැණු මට බැනපු බැනිලි හින්දම යනවා එරිත්‍රියා ......(බ)
ළමිස්සියෝ රූබර කෙසේ වෙතත් පිරිමි නම් ස්ත්‍රී දූෂණ වලට කප්පිත්තෝ කියල යුරෝපයේ පත්තර කියෙව්වම හිතා ගන්න පුළුවන්! (බ)