
නිරිතදිග එංගලන්තයේ ස්වින්ඩොන් නගරයේ බර්ට්ස් පොත්හල හැරී කුමරුගේ ‘ස්පෙයාර්’ නමැති ස්වයං චරිතාපදානය විකිණීමට ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය පිළිබඳ අන්තර්ජාලය තුළ කතා බහට ලක්ව තිබේ.
ඊට හේතුව වී ඇත්තේ එම පොත් සාප්පුවේ හැරී කුමරුගේ චරිතාපදානය විකිණීම සඳහා ප්‍රදර්ශනය කර ඇත්තේ බෙලා මැකී නමැති කතුවරියගේ ‘හව් ටු කිල් යෝර් ෆැමලි’ (ඔබේ පවුල වනසන්නේ කෙසේද?) යන නවකතාව සමඟ නිසාය.
බර්ට්ස් පොත්හල හැරී කුමරුගේ ‘ස්පෙයාර්’ කෘතිය, ‘ඔබේ පවුල වනසන්නේ කෙසේද? නවකතාව සමඟ විකිණීමට තැබීමෙන් ‘ස්පෙයාර්’ චරිතාපදානය මගින් හැරී කුමරු තම රජ පවුලේ ගෞරවය හැරී කුමරු විනාශ කළ ආකාරය, බර්ට්ස් පොත්හල ජනතාවට පෙන්වීමට උත්සාහ ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අදහස් දක්වා තිබේ.
බර්ට්ස් පොත්හල හැරී කුමරුගේ ‘ස්පෙයා’ චරිතාපදානය ප්‍රදර්ශනය කර ඇති ආකාරය පිළිබඳ සංසරණය වන ඡායාරූපය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් අදහස් හුවමාරු වන අතර එම ඡායාරූපයට විශාල පිරිසක් කැමැත්ත පළ කර ඇතැයි ද දැනගන්න ලැබේ.
හැරී කුමරුන් ලියූ ‘ස්පෙයාර්’ චරිතාපදානය භාෂා 16 කට පරිවර්තනය කර ඇත. මෙම කෘතිය එළිදැක්වීම සිදුවිය. පසුගිය කාලය පුරාවට බ්‍රිතාන්‍ය රජ පවුලේ සෙසු සාමාජිකයන් සමඟ හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ගැටුණු ආකාරය මෙම පොතේ සඳහන් වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැරී කුමරුන්ගේ පොත අපූරු විදියට විකුණන්න දාලා