
බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇත. ඒ, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පසුගිය දින කීපයේ සිදු කළ විරෝධතා සම්බන්ධයෙනි.
‘තරීක් ඊ ඉන්සාෆ්’ විරෝධතා පවත්වන්නේ, බන් ධනාගාරගතව සිටින ඉම්රාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන රජයට බලපෑම් කරමිනි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ විරෝධතා හේතුවෙන් පසුගිය දා ඉස්ලාමාබාද් අගනුවර ‘ලොක්ඩවුන්’ කෙරුණු බව ද පැවැසෙයි. විරෝධතා පාලනය කිරීමට හමුදාව යෙදවිණි.
පාකිස්තාන මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇති ආකාරයට ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මෑතදී කළ විරෝධතා සම්බන්ධයෙන් නඩු හතකට අදාලව හිටපු අග්‍රාමාත්‍යවරයා දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය නියෝග කර ඇත.
එම විරෝධතා මෙහෙයවීම සිදු කළේ යැයි ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීට ද චෝදනා එල්ල වී ඇත.
‘තරීක් ඊ ඉන්සාෆ්’ යනු ඉම්රාන් ඛාන් විසින් පිහිටුවනු ලැබූ දේශපාලන පක්ෂයයි. බිරිඳ බුෂ්රා බීබී චෝදනා නගා ඇත්තේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්, විරෝධතා නිසි පරිදි මෙහෙයවීමට කටයුතු නොකළ බවය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා