හයිෂෙන් සුළිකුණාටුව දකුණු කොරියාවට ළඟාවීමෙන් පසු මේ වන විට උතුරු කොරියාව දෙසට ගමන් කරමින් තිබේ.
දකුණු කොරියානු කාලගුණ බලධාරින් පැවසුවේ එරට වේලාවෙන් පෙරවරු 9 ට පමණ කුණාටුව උල්සන් නගරයට ළඟාවූ බවයි.
මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ ජෙජූ දූපතට මිලිමීටර් 560 ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.
ගොසෙන්ග් ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර් 372 කි.
කුණාටුවෙන් ඇතිවූ ආපදා හේතුවෙන් දකුණු කොරියාවේ පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලැබූහ.
තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පැවසූහ.
බොහෝ ප්‍රදේශවල නිවාස රැසක් හානිවූ බවට හෝ ගංවතුරෙන් ආපදාවට ලක්වූ බවට වාර්තා වී ඇත.
උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ කුණාටුව එරට වේලාවෙන් අද රාත්‍රී 9 ට පමණ සින්පෝ ප්‍රදේශයට ආසන්නට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි එම නාලිකාව ජනතාවට අවධාරණය කර තිබේ.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
හයිෂෙන් සුළිකුණාටුව උතුරු කොරියාවට