ඇස්ටරොයිඩය වෙත ලඟවී සිටින හයබූසා 2 යානයෙන් මැස්කොට් රෝවරය සාර්ථක ලෙස පතිත කළ බවත් සන්නිවේදන සබඳතා ආරම්භ වූ බවත් වාර්තා වේ.
ඇස්ටරොයිඩයේ පෘෂ්ඨය මත චලනය වෙමින් අධ්‍යයනය කිරීමට මැස්කොට් රෝවරය සැලසුම් කර තිබේ. මේ අනුව එහි ඛණජමය සංයුතිය හා චුම්භක ක්ෂේත්‍රය සම්බන්ධව අධ්‍යයනය කෙරෙනු ඇතැයි පැවසේ.
මැස්කොට් රෝවරය ජර්මන් හා ප්‍රංශ අභ්‍යාවකාශ අංශ ඒකාබද්ධව තැනූවකි.
වසර තුන හමාරක ගමනකින් පසු හයබූසා 2 පසුගිය ජුනි මාසයේ ඇස්ටරොයිඩය වෙත ලඟා විය.
පසුගිය මාසයේදී යානයෙන් රොබෝ ගවේෂකයන් දෙදෙනකු රයුගු වෙත හෙලන ලදී.
"රයුගුහි ගුරුත්වාකර්ශණය ඉතාමත් අඩු මටිටමකයි පවතින්නේ, මේ හේතුවෙන් මැස්කොට් පතිත වූයේ පාවෙමින්, එය කඩදාසි කොලයක් සෙන්ටිමීටර් 30ක පමණ උසක සිට මේසයක් මතට පතිත වීම හා සමානයි"
මැස්කොට්ගේ ප්‍රධාන නිරීක්ෂක රැල්ෆ් ජුම්මාන් පවසයි.
(බීබිසි ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හයබූසා 2 යානයෙන් රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබස්වයි