රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබැස්වීමට ජපාන අභ්‍යාවකාශ කාර්යංශය සමත් වී ඇත.
ඇස්ටරොයිඩය වෙත ලඟවී සිටින හයබූසා 2 යානයෙන් මැස්කොට් රෝවරය සාර්ථක ලෙස පතිත කළ බවත් සන්නිවේදන සබඳතා ආරම්භ වූ බවත් වාර්තා වේ.
ඇස්ටරොයිඩයේ පෘෂ්ඨය මත චලනය වෙමින් අධ්‍යයනය කිරීමට මැස්කොට් රෝවරය සැලසුම් කර තිබේ. මේ අනුව එහි ඛණජමය සංයුතිය හා චුම්භක ක්ෂේත්‍රය සම්බන්ධව අධ්‍යයනය කෙරෙනු ඇතැයි පැවසේ.
මැස්කොට් රෝවරය ජර්මන් හා ප්‍රංශ අභ්‍යාවකාශ අංශ ඒකාබද්ධව තැනූවකි.
වසර තුන හමාරක ගමනකින් පසු හයබූසා 2 පසුගිය ජුනි මාසයේ ඇස්ටරොයිඩය වෙත ලඟා විය.
පසුගිය මාසයේදී යානයෙන් රොබෝ ගවේෂකයන් දෙදෙනකු රයුගු වෙත හෙලන ලදී.
"රයුගුහි ගුරුත්වාකර්ශණය ඉතාමත් අඩු මටිටමකයි පවතින්නේ, මේ හේතුවෙන් මැස්කොට් පතිත වූයේ පාවෙමින්, එය කඩදාසි කොලයක් සෙන්ටිමීටර් 30ක පමණ උසක සිට මේසයක් මතට පතිත වීම හා සමානයි"
මැස්කොට්ගේ ප්‍රධාන නිරීක්ෂක රැල්ෆ් ජුම්මාන් පවසයි.
(බීබිසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd