ලොව වටා සංචාරය කරමින් ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් සොයාගත් දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලම්බස් ගමන් කළ නැවක කොටස් හයිටි මුහුදු තීරයෙන් හමුවී ඇතැයි පර්යේෂකයන් සිතා සිටිය ද එය නිවැරදි නොවන බව යුනෙස්කෝ විශේෂඥයෝ කියති.
ඔවුන් පවසන්නේ හයිටි හි සොයාගනු ලැබු නැව සාදා ඇත්තේ කොලම්බස් ගේ නැවට වඩා මැත කාලයේදී බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි. සාගරපත්ල පිලිබඳ ඇමරිකානු පරික්ෂකයෙක් වන බැරී ක්ලිෆර්ඩ් මේ වසරේ මැයි මාසයේදි පවසා තිබුනේ ඔහු විසින් කොලම්බස් ගමන් ගත් නැවේ සැකිල්ල හයිටි සාගර ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි.
කොලම්බස් ගමන් ගත් ශාන්ත මරියා නම් නැව 1492 දී හයිටියට ආසන්න මුහුදේදී සාගර පතුලේ ඇනිගොස් මුහුදු බත් වූ බවට සාක්ෂි තිබිණි. ඒ වාර්තාවන්ට අනුව ක්ලිෆර්ඩ්ගේ සොයා ගැනීමට මහත් ප්‍රසිද්ධියක් හිමිවිය.
යුනෙස්කෝ විශේෂඥයන් ඔහු සොයාගත් නැවේ සැකිලි කොටස් පරික්ෂාකර පවසා ඇත්තේ හමුවී ඇති නැවේ කොටස් සාදා ඇත්තේ තඹ මිශ්‍ර ලෝහ යෙන් බවයි එම සාධක අනුව පෙනී යන්නේ එය කොලම්බස්ගේ නැව ගිලී ගියාට පසු මෑත කාලයේ නිපදවු එකක් බවයි. කොලම්බස්ගේ ශාන්ත මරියා නැව යකඩ සහ දැවයෙන් තැනු කොටස් වලින් සමන්විතව තිබී ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය පවසයි.
හයිටිය සමීපයේ තිබු නැව පරික්ෂා කළ ස්පාඤඤයේ ජාතික කෞතුකාගාරයේ සාගර පතුලේ පුරාවිද්‍යාඥ ෂේවියර් ප්‍රිටෝ පවසන්නේ එහි තිබී හමුවී ඇති ලෝහමය ගාංචුවලට අනුව එම නැව සෑදු තාක්ෂණය අයත් වන්නේ 17ත් වැනි හෝ 18 වැනි ශතවර්ෂවල පසුකාලයට මිස 15 වැනි හෝ 16 වැනි ශතවර්ෂවල නොවන බවයි.
හයිටි ආසන්නයෙන් සොයාගත් නැව කොලම්බස්ගේ ශාන්ත මරියා නැව නොවේයැයි සනාථ කිරීමට යුනෙස්කෝ විශේෂඥයෝ තවත් සාධකයක් හේතුකැර ගනිති. ඔවුන් පෙන්වාදෙන්නේ කොලම්බස්ගේ නැව ගිලී ගොස් ඇත්තේ හයිටි නැව හමුවූ ස්ථානයට වඩා ගැඹුරු මුහුදු ප්‍රදේශයක දී බවයි.
කොලම්බස් ගමන් ගත් සාන්ත මරියා නැව හයිටියට නැගෙනහිර මුහුදේදි 1492 දෙසැම්බර් 24 හෝ 25 දිනයන්හිදී වැලිකන්දක හෝ ගල්පරයක හිරවි මුහුදු බත්වු බව හමුවි ඇති ලියකියවිලි අනුව සනාථවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකී:ගාමිණී හරි.කොළඹ නම හැදුනේ කොලොම්බස් ආපු නිසා තමයි.තව කියවා දැන ගන්න.(අ)
රොනී ,ඉතිහාසය වෙනයි.භූගෝලය වෙනයි." මහියංගනං නාගදීපන් කළ්‍යාණං පද ලාංඡනන් ..දිවාගුහං දීඝවාපී චේතියන්ච මුතියංගණන් "වසර 2500 කට පෙර ඍධියෙන් ලංකාවට පළමුවෙන් වැඩියේ බුදුන් වහන්සේ.මීළඟට පිරිවරක් සමඟ නෞකා වලින් පැමිණියේ විජය කුමාරයා.පසුව මිහිඳු මහරහතන් වහන්සේ,සංඝමිත්තා තෙරණිය,දන්ත කුමරු,භද්දකච්චානා කුමරිය පැමිණියා. රාවණා කුමරු දඬුමොණරෙන් පැමිණි (වාතය සමග ආ රිය) වාරියපොළ නමින් අදටත් ගමේ නම පටබැඳී ඇත.කොළොම්බස්ගේ පැමිණීම,ගෙඩි නැති කොළ අඹ ගසක් ,කොලොන් ගස් ලානක් තිබු නිසාත් කොළඹ යන නම හැදුන බව අසා තිබෙනවා. කොස්ගස් හන්දිය,දිවුල්ගස් හන්දිය,ඉඟුරුකඩේ හන්දිය,කොච්චිකඩේ... මේ නම් ගස් නිසා පටබැඳී ඇත. (නි)
මම එසැණ පාඨකයෙක් හා ලංකාදීපය කුඩා කාලයේ 1957 පමණ පටන් ආදරෙන් කියවන්නෙක් බව ආදරයෙන් මතක් කරමි! (නි)
මම පට්ටම ආසයි මේ වගේ ස්ටෝරි කියවන්න.... දාන්නකෝ ලොකුවට කතාව. (නදී)
නැව ගිලුනේ ගැඹුරු මුහුදු ප්‍රදේශයක නම් කොහොමද වැලි කඳු ගල්පරවල හැපෙන්නේ? (නදී)
දේශ ගවේෂකයෝ මොකටද ? පෘතුවිය තුල තිබුන රටවල්. මුල් පදිංචි කාරයෝ මේ සෑම රටකම සිටියා.දේශ ගවේෂක මුවාවෙන් නැව් වලින් රටවල් ආක්‍රමණය කර පදිංචි කරුවන්ට හිරිහැර කොට රටවල් මංකොල්ල කාපු නාවිකයෝ මුහුදුබත් වෙන්නම ඔනෑ.( ඉහත දන්තකුමරු හා හේමමාලී වශයෙන් නිවැරදි වියයුතුයි ) (අ)
කොළඹ නම හැදී ඇත්තේ කොලොම්බස් නිසාලු` කියලා කවුද කියලා තියෙන්නේ? ඔබ ඇරෙන්න වෙන කිසි කෙනෙක් එහෙම කියල ඇති බවක් අපට නම් දැන ගන්න නැහැ. ` ඉර්දියෙන්, දඬුමොනරෙන් දේශ ගවේෂණය කොරල තියෙන්නේ කවුද? ඔය දඬු මොනරේ කියන එක ගැන සඳහන් වෙන්නේ කොහොඹ කංකාරියේ කතාවකයි ඒක මේ වඩුබාස් උන්නැහේ කෙනෙක් පුතාට සෙල්ලම් කරන්න හදලා දුන්න බඩුවක්. ලනු පොටවල් දෙකකින්ලු ක්‍රියාත්මක කෙරුවේ. කොහොඹ කංකාරිය පොතකින් විස්තරේ කියවලා බලන්න (නදී)
රොකි දන්නේ නැතුව කතා කරන්න එපා. හොදට ඉතිහාසය කියවන්න.(අ)
15 වන සියවසේ කොලොම්බස් ඇමෙරිකාව සොයාගත්තා වගේම ලංකාව ගැනත් කියවෙන්නේ නුතනයේ ඔහුගේ නමයි. කොළඹ නම සැදී ඇත්තේද කොලම්බස් නිසාලු.15 සියවසට පෙර විදෙස් රට වල සිට අපේ රටට පැමිණි බොහෝ දෙනෙකු ඉර්ධියෙන්, දඬුමොනරෙන්, නැවෙන් ආවත් ඒ අයත් ඉතිහාසයේ දේශ ගවේෂකයින්ගේ ගණයට ඇතුලත් නොකරන්නේ මන්ද ? (නදී)
එහෙනම් එ්ක ඔබගේද (නදී)