IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හුඹස් බියෙන් යානයක් පමාවේ

අයර්ලන්තයේ රයන් එයාර් යානයක බෝම්බයක් තිබූ බවට ලද තොරතුරක් මත එහි සැක කටයුතු අන්දමින් සැරි සැරූ ශ්‍රී ලාංකිකයකු හා බ්‍රිතාන්‍ය වැසියකු නෝර්වේ පොලිසියෙන් ප්‍රශ්න කැර නිදහස් කර ඇත.

ගුවන් යානය නෝර්වේ සිට මැන්චෙස්ටර් වෙත ගමන් කිරීමට නියමිත තිබිණි.

මගීන්  ඉවත් කැර යානය පරික්ෂා  කිරිමෙන්  පැය කිහිපයකට  පසු  යානය මැන්චෙස්ටර් නුවරට  පියාසර  කළේය.

 



අදහස් (0)

හුඹස් බියෙන් යානයක් පමාවේ

පිටිගල මිලානෝ Tuesday, 17 May 2016 11:24 AM

අද ලෝකය බොහෝ දියුණුය. නමුත් බොහෝ අවදානම්ය. පිහිතල කීපයක් අතැතිව සහ අර්ධ වශයෙන් ගුවන්යානා පැදවීමට පුහුණුවූ තරුණයන් කිහිපදෙනෙක් ඉතාමත් සොච්චම් වියදමකින් ලෝකයේ විශාලතම කුළුණු දෙකක් බිමට සමතලා කර මහා විනාශයක් සිදු කළා නමුත් මෙවැනි දෙයක් වලක්වා ගැනීමට වියදම් කල යුතු මුදල් සම්භාරය සුළුපටු නොවේ, එය රටක දල ජාතික නිෂ්පාදිතයෙන් කොටසක් දක්වා වර්තමානයේ ප්‍රසාරණය වී ඇත. මේවා ගෙවිය යුත්තේ (ඉහත සිද්ධිය උදාහරණයකි) ලෝවැසියන් වන අතර අතිමහත් අපහසුතාවයන්ටද සියල්ල ගොදුරුව ඇත. මෙය වලකාලීමට කිනම් බලවේගයක් පෙරමග ගත යුතුද? (ර)

:       0       0

සමන්මලී මිලානෝ Tuesday, 17 May 2016 03:07 PM

පිටිගලලා වගේ අනුන්ගෙන් කාලා බඩ පිරුණහම ලෝකෙටම බනින මිනිස්සු නිසා තමා මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 18 May 2016 06:11 AM

බෙනට්, මෙම 9/11 සිදුවීමේ යානා පැදවූ අයට බලපත්‍ර තිබුනේ නැති අතර එම යානා ගුවන්ගත කලෙත් ඔවුන් නෙවෙයි. ඒ නිසා ඔවුන් පුර්ණ නියමුවන් නොවේ. ඔවුන් කලේ අවශ්‍ය වෙලාවේදී 'ගුවන්ගමන් කළමනාකරණ පද්ධතියට' (ෆ්ලයිට් මැනේජ්මන්ට් සිස්ටම්) තවෙකෙක් ලියා දුන් දත්ත ඇතුලත් කර ස්වයංක්‍රීය ධාවනය (ඔටෝ පයිලට්) ක්‍රියාත්මක කිරීමයි. ගුවන්යානයක් පදවන්නේ ඔබ හිතන්නාක් මෙන් ගොන්කරත්තයක් හෝ ප්‍රයිවට් බසයක් එලවනවාක් මෙන් නොවේ. (ර)

:       0       0

සාරංගි මිලානෝ Thursday, 19 May 2016 01:08 PM

පිටිගල අයියා දන්න දේවල්. අපිටත් ටිකක් කියලා දෙන්නකෝ. (ර)

:       0       0

චන්දිමා Tuesday, 17 May 2016 04:12 PM

පිටිගල අයියේ, ප්ලේන් එක අස්සේ සැකකටයුතු අන්දමින් ඉඳලා අහුවුණේ ඔයාද? මොකෝ නෝර්වේ ගියේ? (නි)

:       0       0

නලින් Saturday, 21 May 2016 11:59 PM

පිටිගල කියන දේ හරි. එෆ්එම්එස් එකට දත්ත ඇතුළත් කරලා යන එක ලේසියි. හදිසි අවස්ථාවකදී සහ ගොඩබෑමේදී තමයි පයිලට්ලගේ හැකියාවන් පළපුරුද්ද ඉතා වැදගත්. හප්පන්න ඒවා ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site