
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ප්‍රහාරක ජෙට් යානා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කානෝව් ජීවිතක්ෂයට පත් විය.
මේ බව හමාස් සංවිධානයට අයත් අල් අක්සා රූපවාහිනිය ඊයේ (26) නිවේදනය කළේය.
උතුරු ගාසා තීරයේ, අබ්දුල් ලතීෆ් අල් කානෝව් රැඳී සිටි කූඩාරම ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවැසෙයි.
අබ්දුල් ලතීෆ් අල් කානෝව් සමඟ සිටි, හමාස් සංවිධානයේ තවත් සාමාජිකයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද අල් අක්සා රූපවාහිනිය පවසා ඇත.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, පසුගිය ජනවාරියේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැති සටන් විරාමය අහෝසි කරමිනි.
තවමත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවෝ 59 දෙනෙක් සිටිති.
හමාස් සංවිධානය ඊශ්‍රායලයට තර්ජනය කර ඇත්තේ, දිගින් දිගටම ගාසා තීරයට පහර දෙන්නේ නම්, එම ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා මරා දමන බවටය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමාස් මාධ්‍ය ප්‍රකාශක මරා දමලා