
ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අදහස් පළ කර තිබේ.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේත්, අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් පැවැසුවේ හිස්බුල්ලා සංවිධානය ඉතාමත් බුද්ධිමත් ආකාරයට, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමට මෙහෙය වූ බවය.
7 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරය වලක්වා ගැනීමට ඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශය අපොහොසත් වීම, බුද්ධි අංශයේ දුර්වලතාවක් බව ට්‍රම්ප් පැහැදිලි කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ද ට්‍රම්ප් දොස් නැගීමට ද අමතක නොකළේය.
ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දී ඊශ්‍රායලට ඉතා සමීපව කටයුතු කළේය. ඊශ්‍රායලයත්, පලස්තීනයත් අයිතිය ඉල්ලන, ඊශ්‍රායලයේ ජෙරුසලම එරට අගනුවර ලෙස නිල වශයෙන් පිළිගත්තේ ද ජනාධිපති ට්‍රම්ප්ය.
පලස්තීනුවන් සහ ට්‍රම්ප් අතර විරසකයක් ඇති කිරීමට එය හේතුවක් විය.
‘මා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, සම්පූර්ණයෙන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටියා. එහි ප්‍රතිඵලයක් විදියට ඇමෙරිකාව ආරක්ෂිත තැනක් වුණා. ඊශ්‍රායලය ආරක්ෂිත තැනක් වුණා.’ යනුවෙන් ද ට්‍රම්ප් පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමාස් ප්‍රහාරය ගැන ඩොනල්ඞ් ට්‍රම්ප් කට අරී