
ඉරානය සමග ඇති කර ගැනීමට නියමිත සාම ගිවිසුමක් යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත වන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් බැහැර එකක් බව ඉරානය පවසයි.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ෆාර්ස් මේ බව තහවුරු කර ඇත. ඇමෙරිකාව සමග යම් හෙයකින් එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹුණ ද, හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය සහ කළමනාකරණය දිගටම ඉරානය සතුව පවතින බවයි එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ දෙරට අතර ගිවිසුම අවසන් අදියරේ පවතින බවත්, එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd