
ඊශ්‍රායල හමාස් සාම සැලැස්මට හමාස් සංවිධානය කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත්, එම කොන්දේසිවලට යටත්වීම කිසිසේත් කළ නොහැකි බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.
ඊශ්‍රායල හමාස් ගැටුම නැවැත්වීමට එම සාම සැලැස්ම සකස් කර ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ මූලිකත්වයෙනි. කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව හවුල් කර ගනිමින්, ඇමෙරිකාව එම සාම සැලැස්ම සකස් කර ඇතැයි ද පැවැසෙයි. සාම සැලැස්මට ‘ජී7’ රටවල අනුමැතිය මෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අනුමැතිය ද හිමිවී ඇත.
හමාස් සංවිධානය පෙන්වා දී ඇති අන්දමට, ඇමෙරිකාව මැදිහත් වී එම සටන් විරාමය සකස් කර ඇත්තේ, ඊශ්‍රායලයට වාසි වන ආකාරයට යැයි හමාස් සංවිධානය ඇමෙරිකාවට චෝදනා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd