IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


හමාස් අවසන් කරන්න ඇමෙරිකාවේ සහාය

ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා, සම්පූර්ණ ජයගඟණයක් ලැබෙන තුරු සටන් කිරීමට ඊශ්‍රායලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරමයක් ලබන සඳුදා (4) ආරම්භ වේවි යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
ඇමෙරිකානුවන්ගෙන් සියයට 80 ක්, ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී,ඊශ්‍රායල යුදෙව්වන්ගේ සහායට සිටිනවා යැයි ද ඇමෙරිකාවේ ජනමත සමීක්ෂණ උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

එසේ වුවත්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා ගණනාවකදී අනතුරු අඟවමින් පවසා ඇත්තේ, ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දැක්වුවත්, ඊශ්‍රායල හමාස් යුද්ධය දිග් ගැස්සෙන්නේ නම්, ඇමෙරිකාවෙන් ලැබෙන සහාය ඊශ්‍රායලයට අහිමි වනු ඇති බවය.

ඇමෙරිකාව, කටාර් රාජ්‍යය, ඊජිප්තුව පමණක් නොව, ප්‍රංශය ද මැදිහත් වී මේ වනවිට ඊශ්‍රායල හමාස් සටන් විරාමසයක් සඳහා සාකච්ඡා පැවැත්වීම සිදු කරයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට අනුව, එම සටන් විරාමයට ඊශ්‍රායල රජය මෙන්ම හමාස් සංවිධානය ද කැමැත්ත පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හමාස් අවසන් කරන්න ඇමෙරිකාවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1499 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site