වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ලබන සතියේදී පැවැත්වෙන හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ධවල මන්දිරයට ආරාධනා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී පැවැත්වේ.
තමන් සහ උතුරු කොරියානු නායකයා අතර හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන බවත් එපමණක් නොව සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද සළකා බලන බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයගේත් අපල කාලය උදාවෙලා.
ට්‍රම්ප්, කිම්ට සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඇමෙරිකාවට කරන ආරාධනය හරියට අගමැති රනිල් වික්‍රමසිංහ, බෙදුම්වාදී ත්‍රස්තවාදීන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරලා ත්‍රස්තවාදී සංවිධානය බෙදා, විසුරුවා බිඳ දමා දුර්වල කරා වගේ වැඩක්. ඇමෙරිකාවේ මිනිස්සු ජීවිතය සතුටින් විඳින ආකාරය දැක්කම කිම් ඔය විකාර න්‍යෂ්ටික අවි ටික අත්හැරදාලා සමයට එනවා නියතයි!