හිමාල කඳු පන්තිය හරහා දිවෙන දුම්රිය මාර්ගයකින් නේපාලය හා සම්බන්ධ වීමේ සැළසුමක් කි‍්‍රයාත්මක කිරීමට චීනය සැරසෙන බව වාර්තා වේ.
දැනට චීනයේ කුගින්හායි සිට ටිබෙට් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේම දිගුවක් ලෙස මෙම කොටස ඉදිකෙරන බව සඳහන් වන අතර එය ඉදිකෙරෙන්නේ නේපාල රජයේ ඉල්ලීම මත බව පැවසේ.
හිමාල කන්ද හරහා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුනේ පාදමද සිදුරු කෙරෙනු ඇතැයි චීන මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණ.
තියුණු නැගීම් හා බැසීම් ඇති නිසා දුම්රියේ වේගයද සීමා කිරීමට සිදුවනු ඇති බව සඳහන්ය.
නේපාලය හා චීනය අතර සම්බන්ධතා පසුගිය සමයේ ක‍්‍රමයෙන් වර්ධනයව තිබෙන අතර නේපාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට,මහාමාර්ග සංවර්ධනය කිරීමට හා ගොඩනැගිලි ඉදිකිරීමට චීනය ආයෝජනය කර ඇති මුදල ඩොලර් බිලියන ගණනකි.නේපාලයට පැමිණෙන චීන සංචාරකයින්ගේ ගණනද ක‍්‍රමිකව වර්ධනයව ඇත.
විශ්ලේශකයින් මෙය හදුන්වාදෙන්නේ ඉන්දියාව දකුණු ආසියා කලාපයේ රටවල් අතරින් කොන් කිරීමට චීනය දියත් කර තිබෙන වැඩපිළිවෙලේ තවත් එක පියවරක් ලෙසය.දැනටමත් ශී‍්‍රලංකාව,මාලදිවයින,හා පකිස්තානය හා ශක්තිමත් වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට චීනය කටයුතු කර තිබීමෙන් ඉන්දියාව දැන් ගිරයට හසුවූ පුවක් ගෙඩියක තත්ත්වයට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති.
උද්ගත වෙමින් පවතින තත්ත්වය ඉන්දියාවද වටහාගෙන ඇති අයුරක් පෙනෙන්නට ඇත නව අගමැති මෝදි අසල්වැසි රටවල් හා වෙළද ගිවිසුම් ඇතිකර ගැනීමට පසුගිය දිනවල ඉතාම උනන්දුවෙන් කටයුතු කළ ආකාරය එයට නිදසුනකි.නමුත් චීනයේ ආර්ථික ශක්තිය හා තරග කිරීම කිසිසේත්ම පහසු දෙයක් නොවන බව පැහැදිලිය.
![04E74BEC0000044D-0-image-a-51_1428580481778[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/04E74BEC0000044D-0-image-a-51_14285804817781.jpg)
![18C0BE4A000005DC-0-image-a-49_1428580182154[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/18C0BE4A000005DC-0-image-a-49_14285801821541.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයනල් වගේ මිනිස්සු ඒ රටවල් වල නැති නිසා ඒ රටවල් හරි ඉක්මනට දියුණු වෙනවා..(ම)
ටිබෙට් රටට වුණ ආනිසංසයම නේපාලෙටත් වෙයිද දන්නේ නැහැ.(ම)
මම නම් හිතන්නේ නේපාලයට හොඳක් වෙනවා මේකෙන්. අනික දඹදිව යන අයට ඕන නම් කෝච්චියෙම චීනයට යන්නත් පුළුවන් නේ.(ම)
ඉන්දියාව නමැති ආසියාවේ රෝග වාහකයා කොන් කල යුතුයි. (ස)
චීනය එක්ක රට හදපු ලංකාවේ අයට වුණ දේ වේවිද? (නි)
මේක හදන්න උපදෙස් ගන්න කිලෝමීටරයකට මිලියන කීයක් ගියාද දන්නේ නැහැ (නි)
නන්දලාල්, පිස්සු දොඩවන්නේ නැතුව හිටියා නම් නරකද? (නි)
දියුණුවට නම් හොඳයි නමුත් ඒ දියුණුව කොච්චර කලක් තිබේවිද? හිමාල කඳුවල පරිසරයට සහ භුමි සෛල පද්ධතියට මෙයින් බලපෑමක් ඇතිවෙනවාමයි. ඒ නිසා භුමිකම්පා සහ හිම කඳු දියවීමත් ඒ සමග ජල ගැලුම් ඇතිවීමත් සිදුවේවි. ඉන්දියාවට මගේ විශේෂ ආදරයක් නැහැ, මගේ සිතුවිල්ල නම් ඉන්දියාවේ බලපෑම අපේ රටට හානිකර බවයි. නමුත් හිමාලය විදලා දුම්රිය යන්න ගත්තොත් නම් මුලින්ම නේපාලය සහ ඉන්දියාව අනතුරේ, ඊළඟට විශාල ජලගැලුම් නිසා මුහුදු මට්ටම තවත් ඉහල ගිහින් අපේ රටත් අනතුරේ. ඒ නිසා මෙය රටක පමණක් නොවෙයි ගෝලීය පරිසරයටත් බලපානවා. වැඩේ කරන අය මේවා හිතුවොත් හොඳයි. අපිත් අපි ගැනත් දුරට හිතමු වෙන රටවල්වලට කෑගහන අතරේම. ගෝලීය රත්වීම් නිසා මාලදිවයින් දුපත් මුහුදට යනවා වගේ අපිටත් වෙනවාට කැමතිද කවදාකම හරි?(බ)
මේක බොහොම හොඳ ව්‍යාපෘතියක්. ලෝකයේ හැම රටකටම උදව් කිරීමට වෙන රටවල් වල සහාය අවශ්‍ය වෙනවා. චීනය දැන් ලෝක බලවතෙක් වෙලා ඉවරයි. එය නැවැත්වීමට සමත් ජගතෙක් දැන් මිහිපිට නැත. එන්නෙත් නැත. චීන සංවර්ධන ආධාර යටතේ නොදියුණු රටවල් දියුණු රටවල් බවට පත්වීම හොඳ නැද්ද? (නි)
රසික, ඔබ හරි. (නි)
අනේ මන්දා! ඒකෙන් මේකෙන් හිමාලයත් නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
අනේ යන්න ලයනල්යන්න (බ)
මීයක් කඩන්නේ අතලෙවකන්නද? (නි)
ඇත්ත, ඔබේ කියමන නිවැරදියි. නන්දලාල් මේක බොහොම හොඳ ව්‍යාපෘතියක්. ලෝකයේ හැම රටකටම උදව් කිරීමට වෙන රටවල් වල සහාය අවශ්‍ය වෙනවා. චීනය දැන් ලෝක බලවතෙක් වෙලා ඉවරයි. එය නැවැත්වීමට සමත් ජගතෙක් දැන් මිහිපිට නැත. එන්නෙත් නැත. චීන සංවර්ධන ආධාර යටතේ නොදියුණු රටවල් දියුණු රටවල් බවට පත්වීම හොඳ නැද්ද?(බ)