ඉන්දියාවේ සිනමා තරුවක් හා දේශපාලනඥවරියක් වන හේමාමාලිනී ගේ රියේ හැපුණු දරුවකු මිය ගිය බව ඉන්දීය වාර්තා කියයි.

ඇගේ කාරයේ හැපුණු අනෙක් කාරයේ සිටි තවත් දරුවකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් රාජස්ථාන් ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරින් හේමාමාලිනීගේ මුහුණටද සුළු තුවාල සිදුව ඇතැයිද කියති. 

ඇගේ වාහනය පැදවූ රියදුරා අත් අඩංගුවට ගෙන ඇතැයිද හේමාමාලිනී වේගයෙන් යාමට රියදුරුට අණකර ඇති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.

අනතුරින් පස් දෙනකු තුවාල ලබා ඇති බව ඉන්දීය පොලිසිය වාර්තා කරයි.

we1 we2