IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හැම්බර්ග් වැසියෝ ඔලිම්පික් සත්කාරකත්වය එපා කියති

2024 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට එරෙහිව ජර්මනියේ හැම්බර්ග් නගර වැසියෝ විරෝධය පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයකදී හැම්බර්ග් නගරයේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට විරුද්ධව 51.7% ක පිරිසක් විරෝධය පළ කර ඇත. ජනමත විචාරණය සඳහා හැම්බර්ග් නගරයේ හා අසල්වැසි කියෙල් නගරයේ වැසියෝ ඡන්දය ප්‍රකාශ කළහ.

2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමේ සටනට ඉතාලියේ රෝම නගරය, ප්‍රංශයේ පැරිස් නුවර, හංගේරියාවේ බුඩපස්ට් හා අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගර ඉදිරිපත්වී සිටිති. ජර්මනියේ හැම්බර්ග් නගරාධිපති ඔලාෆ් ස්කොල් ජනමත විචාරණයේ තීන්දුව පිළිගන්නා බව කියමින් ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වයට තරග වැදීමෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.

2024 ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලි සඳහා සත්කාරක නගරය තෝරාගැනීමට නියමිතව ඇත්තේ 2017 වසරේදීය. මීට පෙර ජර්මනියේ මියුනිච් නගරයේදී 1972 වසරේදී ඔලිම්පික් තරගාවලියක් පැවැත්විණි.



අදහස් (0)

හැම්බර්ග් වැසියෝ ඔලිම්පික් සත්කාරකත්වය එපා කියති

මොහාන් Monday, 30 November 2015 01:26 PM

පිටබැද්දර ජයා, ඔය කියන ගෞරවනීය දේශපාලනය අපේ රටේ කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 30 November 2015 07:37 AM

මේ අය 2022 වින්ටර් ඔලිම්පික් ද මෙහි පවත්වන්න එපා කියලා දැනට අවුරුදු දෙකකට කලින් මෙලෙසම තීරණය කරා. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 November 2015 08:03 AM

ජනමතයට හිස නමන ගෞරවණීය දේශපාලනයක් දැන් අපේ රටෙත් තියෙනවා හරිම සතුටුයි. (ර)

:       0       0

සමන්තිකා Monday, 30 November 2015 09:32 PM

හොඳ තීරණයක්.හොඳ තීන්දුවක්. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 December 2015 09:46 AM

ඇයි මොහාන් දැන් නැගිටලා වගේ කතාකරන්නේ? ගිය පාර මහා මැතිවරණයෙන් ජනතාව පත්කළ අයටනේ ශ්‍රීලනිප ඇමතිකම් දුන්නේ. ඒකතමයි ජනමතය පිළිගැනීම කියන්නේ (නි)

:       0       0

විදර්ශන Tuesday, 01 December 2015 12:35 PM

හොද අවස්ථාවක්. ඒත් ඇයි එපා කියන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site