එක්සත් රාජධානියට බලපා ඇති අධික හිම සහ අයිස් තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ට ප්‍රමාදවීම් රැසකට මුහුණදීමට සිදුවී ඇති අතර සිය ගණනක් පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම කාලගුණික තත්ත්වය යහපත් අතට හැරෙන තුරු එංගලන්තයේ ලිවර්පූර් සහ මැන්චෙස්ටර් ගුවන් තොටුපළවල් තාවකාලිකව වසා දමා තිබේ.

අධික හිමපතනය හේතුවෙන් රථවාහන අනතුරු 20 කට වැඩි ප්‍රමාණය සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම තත්ත්වය පහවන තුරු ප්‍රවේසමෙන් හා සුපරීක්ෂාකාරිව රිය ධාවනය සිදුකරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
 
(බීබීසී ඇසුරෙනි)

(28535)