
ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමෙන් පසු යුක්රේනයේ ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත්වලට රුසියන් හමුදා සෙබළුන් යැවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
අනුමැතිය හිමිවූයේ සෙනෙට් මණ්ඩලයෙනි. සෙනට් මණ්ඩලයේ 153 දෙනා ඒකමතිකව අනුමැතිය දුන් බව පැවැසෙයි.
ඒ අනුව මේ වනවිටත් රුසියන් හමුදා ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත්වලට ගොස් සිටින අතර යුක්රේන රජය සහ යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන් අතර පැවැති සටන් විරාමය ද අවසන් බව රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර තිබේ.
රුසියාව සහ යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වූයේ යුක්රේනය ‘නේටෝ’ හිතවාදී රාජ්‍යයක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින් කොන්ද කෙළින් තියෙන කොල්ලෙක්...!