
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළත්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, නේටෝ හමුදා යුක්රේනයට යැවීමේ කිසිදු අදහසක් නැතැයි ‘නේටෝ’ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියයි.
‘නේටෝ’ මහ ලේකම්වරයා මෙසේ කීවේ, බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවන බැවින්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කළත්, නේටෝ හමුදාවට යුක්රේනයට ගොස් රුසියන් හමුදා සමඟ සටන් වැදීමට අයිතියක් නොමැති බව නේටෝ මහලේකම්වරයා පැහැදිලි කළේය.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ව පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල එකමුතුවෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ නැගී සිටීමටය.
යුක්රේනය යනු රුසියාවේ අසල්වැසියාය. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණු අතර සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු යුක්රේනය වඩාත් සමීප වූයේ යුරෝපා රටවලටය. යුක්රේනය ‘නෝටෝ’ සංවිධානය සමඟ ද සමීපව කටයුතු කරයි. ‘නේටෝ’ සාමාජිකත්වය ද අපේක්ෂා කරයි.
රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි. රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි හමුදා දහස් ගණනින් යුක්රේන දේශසීමාවේ රැඳී සිටින්නේ මේ නිසාය. ඇමෙරිකා බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ, පෙබරවාරිය වනවිට රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.
රුසියාව දිගින් දිගටම ඇමෙරිකාවෙන් සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා නොදෙන ලෙසත්, යුක්රේනය ‘නේටෝ’ සංවිධානය සමඟ පවත්වන සබඳතා වහා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්ය. මෙම කොන්දේසිවලට ඇමෙරිකාව තරයේ විරෝධය පළ කර තිබේ.
නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසා ඇත්තේ, රුසියාව සමඟ සාකච්ඡා කරමින්, නිර්මාණය වී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තමන් පියවර ගන්නා බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd