ප්‍රංශයේ පැරීස් ලූවර් කෞතුකාගාරයේ ප‍්‍රධාන දොරටුව අසලදී හමුදා නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීමට පෙළඹුනු තරුණයෙකුට හමුදාව වෙඩි තබා ඇත.
එම තරුණයා අරාබි භාෂාවෙන් “දෙවියන් ශ්‍රේෂ්ඨයි“යැයි කියමින් පහර දී ඇති අතර හිසට සුළු තුවාල ලැබූ හමුදා නිලධාරියා රෝහල් ගත කොට තිබේ.
එරට අගමැති බර්නාඩ් කැසිනෙව් පැවසූයේ ‘එය ත්‍රස්ත ප්‍රහාරයක්‘ බවට පෙනෙන්නට ඇති බවයි.
තරුණයාගේ උදරයට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පවසයි.එම තරුණයා අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර තිබේ.ඔහුට අමතරව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.
ඒ අවස්ථාවේ කෞතුකාගාරය නැරඹීමට පැමිණි සංචාරකයෝ 250ක් පමණ සිටි අතර ඒ කිසිවෙකුට කිසිදු හානියක් සිදුවී නොමැත. කෞතුකාගාරය මේවන විට වසා දමා ඇති අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇත.
කෞතුකාගාරය සමීපයේ ඇති උමං දුම්රියපොලවල්ද වසා දමා ඇත. මෙම සිදූවීමට ත‍්‍රස්තවාදී සම්බන්ධකම් තිබේදැයි පරීක්ෂණ සිදුවෙමින් පවති.
(ඡායාරුප-රොයිටර්)
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදා නිලධාරියාට පහර දුන් තරුණයාට වෙඩි
සුසන්ත Saturday, 04 February 2017 02:09 PM
මේ දවස්වල රටේ අපේ හමුදා නිළධාරියෙක් ඔහොම දෙයක් ත්‍රස්තවාදියෙක්ට කළොත් කෙලින්ම හමුදා නිළධාරිය ඇතුලේ, ත්‍රස්තයාට වන්දි සහ සියලු සැලකිලි. ඔන්න ඕකයි දැන් අපේ රටේ තත්වේ! (අ)
විජේපාල Saturday, 04 February 2017 12:11 AM
අනේ මන්දා ලෝකය පුරාම ත්‍රස්තවාදී ප්‍රශ්න! (නි)
විජේපාල Saturday, 04 February 2017 01:22 AM
මොන රටක බැලුවත් දැන් ත්‍රස්තවාදය... (නි)
රවීන් Saturday, 04 February 2017 02:03 AM
ත්‍රස්තවාදීන් ඉන්න තරමට මුළු ලෝකයටම නිදහස නැතිවෙනවා (නි)
එරන්ද Sunday, 05 February 2017 12:59 AM
මිනිස් ජීවිත වල වටිනාකම හෑල්ලු වී ඇති තරම? (නි)
දිලන්ක Sunday, 05 February 2017 01:01 AM
අපේ රටේ නම් උත්සව තියලා තෑගිබෝගත් දෙයි (නි)
ධනුෂ්ක Sunday, 05 February 2017 01:20 AM
දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මිනිසුන්ට පහරදීලා හරියනවද. (නි)
සාගර Saturday, 04 February 2017 04:03 AM
හිටපු ජනපති ඇතුළු හමුදා සහ දේශපාලන නායකයන්ට පින් සිද්ධ වෙන්න අපේ රටේ නම් මෙහෙම දේවල් දැන් නැහැ. (නි)
හුසේන් මොහමඩ් -රියාද් Saturday, 04 February 2017 04:18 AM
දැන් පොදුවේ, ලෝකයේ " හැම මුස්ලිම්වරයෙක්ම ත්‍රස්තවාදියෙක්" කියන ලේබලය විශේෂයෙන් බටහිරට ගැති මාධ්‍යයන් විසින් අලවලා නිසා, ඒ අදහසින්මයි ආරක්ෂක අංශ පවා ඔවුන් දිහා බලන්නේ සහ ඔවුන් සම්බන්ධව ක්‍රියාකරන්නේ. ඉතින් බොහෝ ආරක්ෂක අංශවලම ජාතිවාදී හැඟීම් වලින් පිරි නිලධාරීන් මේක ලොකු අවස්ථාවක් කරගන්නවා ඔවුන්ට හිතෙන දේ කරන්න. ඔන්න එතකොටයි නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)
සංජීව Sunday, 05 February 2017 03:19 AM
අම්මෝ බලාගෙන! දැන් මානව හිමිකම් වලින් නඩු දායි. (නි)
ජනහිත Saturday, 04 February 2017 07:00 AM
මේක අපේ රටේ ඉහළ ප්‍රදේශයේ වුණා නම් වැඩේ කොතනින් කෙළවර වෙයිද මන්දා. ඒ රටවල ආරක්ෂාව ගැන හොඳ සැළකිල්ලක් තියන බවට හොද සාක්ෂියක් (නි)
චන්දිම Saturday, 04 February 2017 07:35 AM
කැරලිකාරයන්ට උදව් දීලා ගඩාෆිලව විනාශ කරපු එකේ ප්‍රතිඵල ප්‍රංශයටම පළදෙනවා. (නි)
ජනහිත Sunday, 05 February 2017 06:44 AM
ඒ රටවල මානව හිමිකම් කියන එවුන් ගණන් ගන්නේ නැහැ. පළමුව රට හා ජනතාව ගැන හිතන නිසා. (ම)
ගුණවිජය Friday, 03 February 2017 05:26 PM
අපේ රටෙත් මෙහෙම අඳුරු යුගයක් තිබුනානේ (නි)
මහී Friday, 03 February 2017 06:55 PM
ට්‍රම්ප් නම් ඔය ටික හරියටම තේරුම්ගත් බව පේනවා. ප්‍රංශය තව ටිකක් කල් යනකොට තේරුම් ගනියි. (නි)