ප්‍රංශයේ පැරීස් ලූවර් කෞතුකාගාරයේ ප‍්‍රධාන දොරටුව අසලදී හමුදා නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීමට පෙළඹුනු තරුණයෙකුට හමුදාව වෙඩි තබා ඇත.
එම තරුණයා අරාබි භාෂාවෙන් “දෙවියන් ශ්‍රේෂ්ඨයි“යැයි කියමින් පහර දී ඇති අතර හිසට සුළු තුවාල ලැබූ හමුදා නිලධාරියා රෝහල් ගත කොට තිබේ.
එරට අගමැති බර්නාඩ් කැසිනෙව් පැවසූයේ ‘එය ත්‍රස්ත ප්‍රහාරයක්‘ බවට පෙනෙන්නට ඇති බවයි.
තරුණයාගේ උදරයට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පවසයි.එම තරුණයා අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර තිබේ.ඔහුට අමතරව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.
ඒ අවස්ථාවේ කෞතුකාගාරය නැරඹීමට පැමිණි සංචාරකයෝ 250ක් පමණ සිටි අතර ඒ කිසිවෙකුට කිසිදු හානියක් සිදුවී නොමැත. කෞතුකාගාරය මේවන විට වසා දමා ඇති අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇත.
කෞතුකාගාරය සමීපයේ ඇති උමං දුම්රියපොලවල්ද වසා දමා ඇත. මෙම සිදූවීමට ත‍්‍රස්තවාදී සම්බන්ධකම් තිබේදැයි පරීක්ෂණ සිදුවෙමින් පවති.
(ඡායාරුප-රොයිටර්)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල රටේ අපේ හමුදා නිළධාරියෙක් ඔහොම දෙයක් ත්‍රස්තවාදියෙක්ට කළොත් කෙලින්ම හමුදා නිළධාරිය ඇතුලේ, ත්‍රස්තයාට වන්දි සහ සියලු සැලකිලි. ඔන්න ඕකයි දැන් අපේ රටේ තත්වේ! (අ)
අනේ මන්දා ලෝකය පුරාම ත්‍රස්තවාදී ප්‍රශ්න! (නි)
මොන රටක බැලුවත් දැන් ත්‍රස්තවාදය... (නි)
ත්‍රස්තවාදීන් ඉන්න තරමට මුළු ලෝකයටම නිදහස නැතිවෙනවා (නි)
මිනිස් ජීවිත වල වටිනාකම හෑල්ලු වී ඇති තරම? (නි)
අපේ රටේ නම් උත්සව තියලා තෑගිබෝගත් දෙයි (නි)
දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මිනිසුන්ට පහරදීලා හරියනවද. (නි)
හිටපු ජනපති ඇතුළු හමුදා සහ දේශපාලන නායකයන්ට පින් සිද්ධ වෙන්න අපේ රටේ නම් මෙහෙම දේවල් දැන් නැහැ. (නි)
දැන් පොදුවේ, ලෝකයේ " හැම මුස්ලිම්වරයෙක්ම ත්‍රස්තවාදියෙක්" කියන ලේබලය විශේෂයෙන් බටහිරට ගැති මාධ්‍යයන් විසින් අලවලා නිසා, ඒ අදහසින්මයි ආරක්ෂක අංශ පවා ඔවුන් දිහා බලන්නේ සහ ඔවුන් සම්බන්ධව ක්‍රියාකරන්නේ. ඉතින් බොහෝ ආරක්ෂක අංශවලම ජාතිවාදී හැඟීම් වලින් පිරි නිලධාරීන් මේක ලොකු අවස්ථාවක් කරගන්නවා ඔවුන්ට හිතෙන දේ කරන්න. ඔන්න එතකොටයි නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)
අම්මෝ බලාගෙන! දැන් මානව හිමිකම් වලින් නඩු දායි. (නි)
මේක අපේ රටේ ඉහළ ප්‍රදේශයේ වුණා නම් වැඩේ කොතනින් කෙළවර වෙයිද මන්දා. ඒ රටවල ආරක්ෂාව ගැන හොඳ සැළකිල්ලක් තියන බවට හොද සාක්ෂියක් (නි)
කැරලිකාරයන්ට උදව් දීලා ගඩාෆිලව විනාශ කරපු එකේ ප්‍රතිඵල ප්‍රංශයටම පළදෙනවා. (නි)
ඒ රටවල මානව හිමිකම් කියන එවුන් ගණන් ගන්නේ නැහැ. පළමුව රට හා ජනතාව ගැන හිතන නිසා. (ම)
අපේ රටෙත් මෙහෙම අඳුරු යුගයක් තිබුනානේ (නි)
ට්‍රම්ප් නම් ඔය ටික හරියටම තේරුම්ගත් බව පේනවා. ප්‍රංශය තව ටිකක් කල් යනකොට තේරුම් ගනියි. (නි)