ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ හිම කන්දක් ගංගාවකට කඩා වැටීමෙන් සිදුවූ ව්‍යසනයෙන් පසුව සිරවී ඇතැයි විශ්වාස කරන පිරිසක් බේරා ගැනීම සඳහා උමගක් කැණීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ධූලිගංගා ගඟේ තපෝවන් ව්‍යාපෘතියට සම්බන්ද කිලෝමීටර් 2.5ක් පමණ දිග උමඟක සිරවී සිටින කම්කරුවන් 35ක පමණ පිරිසක් බේරා ගැනිම සඳහා මෙසේ උත්සාහ කරන බව ප්‍රාන්ත බලධාරීහු පවසති.
මෙය ඉතා අපහසු කාර්යයක් බවත් මේ වනවිට මීටර් 100කට වඩා වැඩි උසකින් යුත් මඩ හා පාෂාණ තට්ටුවක් ඉවත් කර ඇති බවත් ඔවුහු පවසති. කෙසේවුවද උමගට විදුලි ජනක යන්ත්‍රයක් හා ජල ටැංකියක් යැවීමට සමත් වි ඇතැයි පැවසේ.
සිදුවු ව්‍යසනයෙන් පුද්ගලයින් 171කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි මේ වනවිට ගණනය කර ඇති බව බලධාරීහු පවසති.
ප්‍රාන්ත පොලිස් ප්‍රධානී කාර්යාංශය පවසන්නේ මේ වනවිට පුද්ගලයන් 33 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි.
අතුරුදන් වූවන්ගේ ඥාතීන් බලාපොරොත්තු දල්වාගෙන පස්වන දිනටත් රැඳි සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හිමකන්ද කඩා වැටීමෙන් සිරවූවන් සොයන්න උමඟක් කැණීම අරඹයි