හිම කඳු කඩා වැටීම්, ගංවතුර සහ දැඩි සීත ඍතු කාලගුණ තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ 130 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙරටේ නිලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.
දැඩි හිම පතනය හේතුවෙන් තවත් බොහෝ පිරිසක් විවිධ ස්ථානවල සිර වී සිටින බවත් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවත් පාකිස්තාන සහ ඇෆ්ගන් නිලධාරිහු කීහ.
අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ පමණක් 93 දෙනකු මියගොස් 76 දෙනකු තුවාල ලබා ඇති අතර ඇෆ්ගනිස්තානයේ 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.
ඉදිරි සති කිහිපයේ කාලගුණ තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇතැයි ද කාලගුණ නිලධාරිහු අනාවැකි පළ කළහ.
කාලගුණ තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාකිස්තාන පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයටය. එම ප්‍රදේශයේ පමණක් 62 දෙනකු මියගොස් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
කාශ්මීරය සුන්දර ප්‍රදේශයක් ලෙස ලොව ප්‍රකට වුවත් ගැටුම්වලින් බහුල ප්‍රදේශයකි. කාශ්මීරයේ නීලම් ගංඟා නිම්න ප්‍රදේශයෙන් හිම කඳු වැටීම් රැසක් වාර්තා වූ අතර එම ප්‍රදේශයේ හිම පතනය දරුණු අතට හැරී ඇතැයි ද වාර්තා විය.
එක් හිම කන්දක් ගමකට කඩා වැටී ඇති අතර ඉන් 19 දෙනකු මියගිය බවත් 10 දෙනකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේය.
සීත ඍතුවේදී කාශ්මීරයේ හිම කඳු කඩා වැටීම් සහ නායයෑම් සාමාන්‍ය තත්ත්යක් වන අතර එම සිදුවීම් හේතුවෙන් මාර්ග අවහිර වී එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවදුරටත් හුදෙකලා වෙති.
පාසල් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බොහෝ මහාමාර්ග සහ මාර්ග අවහිර වී ඇතැයි නිලධාරිහු කීහ.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd