IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 ක් මරුට

ඉරානයේ ටෙහෙරානයට උතුරින් පිහිටි ඇල්බෝර්ස් කඳුවැටියේ දී හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.

මියගිය අය අතර දේශපාලනඥයෙකු, වෛද්‍යවරයෙකු, කඳු නැගීමේ උපදේශකයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ද සිටින බව පැවසේ.

රෙඩ් ක්‍රෙසන්ට් විසින් ස්වෙච්ඡා කණ්ඩායම් 20ක් කඳුකරයට යවා තිබේ. ඔවුන් විසින් 14දෙනකු බේරාගෙන ඇති බවත් අතර තවත් හත්දෙනකු අතුරුදන්ව ඇති බවත් සඳහන් වේ.

කඳුකරයේ පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හිම කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණ ද එය නොතකමින් බොහෝදෙනා කඳුකරය වෙත ගොස් සිටි බව බලධාරීහු පවසති.

ඉරානයේ අසර්බයිජාන දේශ සීමාවේ සිට කැස්පියන් වෙරළ තීරය ඔස්සේ දිවෙන ඇල්බෝර්ස් කඳුවැටිය, කඳු නගින්නන් හා හිම ක්‍රිඩා කරන්නන් අතර ජනප්‍රිය ස්ථානයකි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site