හිම කුණාටුවක් හේතුවෙන් නේපාලයේ දී 12 දෙනකු මියගොස් ඇතැයි ද තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ හිමාල කඳු තරණයට ගිය පිරිසකි.
හිමාලය තරණයකිරීමට ගොස් තොරුන්ග්ලා කඳු මුදුණේ සිට යළි පැමිණෙමින් සිටි පිරිසක් අනතුරට පත්ව ඇත. මියගිය අය අතර නේපාල ජාතිකයන්, පොලිස් නිලධාරින් හා ඊශ්‍රායල ජාතිකයකු ද සිටින බව දැනගන්නට ඇත. දිවිගලවා ගත් පිරිස 40කි.
පස් දෙනකු මියගොස් ඇත්තේ මැනන් දිස්ත්‍රික්කයේ දී ය. ඔවුන් අතර කැනඩා ජාතිකයන් තිදෙනකු හා ඉන්දීය ජාතිකයෙක් සිටියි. හිමපතනයට මැදිවී මේ ප්‍රදේශයේ ගොවීන් තිදෙනකු ද මියගොස් ඇත.
එරට බලධාරින් පවසන්නේ බලාපොරොත්තු නොවු හිමපතනයට හේතුව විය හැක්කේ හුඩ් හුඩ් නැමැති සුළි සුළං තත්වයේ අවසානය වීම බවයි.
ඉංදියාවේ වයඹදිගට මෙම සතියට කලින් බලපෑ හුඩ්හුඩ් සුළි සුළඟ නේපාලයෙන් ඉවත්ව චීනය දෙසට ගමන් කරණ බව චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්නුම් කරයි.
සහන කණ්ඩායම් සමගින් හෙලිකොප්ටර් යානා දෙකක් ද නේපාල අගනුවර වන කත්මන්ඩු නුවර සිට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කර යවා තිබේ.
නේපාලයේ කඳුනැගීම මගින් එරට ආර්ථිකයට විශාල වාසිගෙන එයි. වර්තමාන ආපදා තත්වය හේතුවෙන් එයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බව විචාරකයෝ පවසති. පසුගිය දා නේපාලයේ සිට එවරස්ට් තරණයට යන අයට මාර්ගෝපදේශකයන් ලෙස සේවය කරන ෂර්පා ජාතිකයන් 16 දෙනෙක් මිය ගියහ. මෙය මෙතෙක් එවරස්ට් තරණයේ දී සිදුවූ දරුණුත ම හානිය ලෙස හඳුන්වයි. මේ අනතුර සිදුවී මාසයක් ගත වීමටත් පෙර හිමකුණාටුවෙන් පුද්ගලයන් මිය යාම නේපාලයේ කඳු නැගීමේ ආර්ථිකයට දැඩි හානි ගෙන එනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
කඳුනගින්නන් දහස් ගණනක් ඔක්තෝබර් මාසයේදී අන්නපුර්ණ කලාපයට පැමිණෙන්නේ මෙම කාලය කඳුනගින්නන්ට හිතකර කාලගුණයක් පැවතීම හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අමුතු දෙයක් වුණාට කඳු නැගීම හරි සුන්දර අත්දැකීමක් වෙන්න ඇති. නමුත් මොනවා කරන්නද? යන අය එහි තිබෙන අවදානම භාරගෙන තමයි යන්න ඕනෑ. ඔවුන්ගේ ඥාතීන්ට අපගේ සංවේගය! (නි)