ජාතික ආණ්ඩුව, යහ පාලනය සහ රටේ අනාගතය යන මැයෙන් ප‍්‍රසිද්ධ දේශනයක් සහිත සභා රැස්වීමක් අපේ‍්‍රල් 24 වැනි ඉරිදා සවස 3ට පැරීසියේදි පැවැත්වීමට නියමිතය.
ප‍්‍රංශයේ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රංශ කමිටුව සංවිධානය කරන එම දේශනය සඳහා බක් මාසේ යුරෝපා සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බැරි නිසා ප්‍රංශයෙන්වත් ආසනයක් දිනාගන්න බලනවා ඇති. (නි)
ලැජ්ජාව කියන එක දැනෙන කල්ලියක් නෙමෙයිනේ. පැරදිලා පිටිපස්ස දොරෙන් අා අය. (නි)
අනේ අපි නොදන්නා මෙයාලගේ සමාජවාදේ....! (නි)
හදවතින්ම සුබ පතනවා. ජේ.වී.පී එකේ අපේ සහෝදරයෝ ටික විතරයි හරි දෙයක් කතාකළොත් කරන්නේ. (නි)
මොහු ඇත්ත කතාකරන මිනිසුන් අතර මිනිසෙකි (නි)
වෙන වැඩ නැති අයට හොදයි ඕව අහන්න යන්න අවසානයේ ගුටි බැට දීගන්න මරාගන්න.ඔච්චර රටට ආදරේ කරනවානම් ප‍්‍රංශයේ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රංශ කමිටුව ලංකාවට ගිහිල්ලාම දේශපාලනය කළානම් ඉවරයිනේ මෙහෙ ඉදන් යුරෝ හොයන්නේ නැතිව (බ)
ඡන්දෙන් පරාද වෙලා තව මොන කියන්න එනවද දන්නේ නැ.ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නේද.ජනතාවට හොද අය තමයි පත් කළ ගත්තේ ඔයාල මොන කීවත් වැඩක් නැ (බ)
බොරු දේවල් වලින් ප්‍රතිඵලයක් නැත (නි)
ජේවීපී අය රට හදන්නෙ ඇඟපුරාම මොළේ තියන "බුද්ධිමතුන්ටත්" එක්කම තමයි (නි)
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම රටට ඇත්ත වටහාදෙන්න උත්සහ කරනවා. මෝඩ ඡන්දදායකයින් තවම ඉන්නේ පක්ෂ දෙකක් අස්සේ හිරවෙලා. (නි)
දානේ ගෙවල් වලත්, පන්සල්වල වට වන්දනාවේ යමිනුත් කරන දේශපාලනයක් ජ.වි. පෙරමුණේ නොමැතිව මෙවැනි ජනතා හමුවීම් සතුටට කරුණකි. ක්‍රි.ව.1948 සිට ජනතාව කරන දේශපාලන වන්දනාවෙන් අඩුතරමින් තරුණ පරපුරවත් ඉන් ඉවත්කර ගැනීමේ හැකියාව ඇත්තේ ජ.වි. පෙරමුණට පමණි. ඒ සඳහා පැරිස් නුවර පමණක් නොව ලෝකයේ හැම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් මුණගැසීමට අපි ඔබතුමන්ට ඉතා ගෞරවයෙන් ආරාධනය කරන්නෙමු. (නි)
යහපාලනයට කඩේ ගොස් දැන් එනවා මෙහෙට බයිලා කියන්න. මොවුන්ට ඡන්දය දෙන අය ගැන අපි දන්නවා (නි)
ඇත්ත කතා කරන නිසා හරි දේ කියන නිසා වෙන්න ඇති පැරදුනේ නේද (බ)