හඳුන්කූරෙන් විසිතුරු සිතුවම් මවනා අපූරු සිත්තරෙකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.
ජිහ්යුන් පාර්ක් නම් වන මොහුගේ විනෝදාංශය දල්වනු ලැබූ හදුන්කූරකින් කඩදාසි කොළයක් තැන් තැන්හි පුළුස්සමින් එයින් සිත්තම් මතුකර ගැනීමයි.
ඉතාම සංයමයෙන් යුතුව හඳුන්කූර කොළය මත මෙහෙයවන ජිහ්යුන්හට සිත්තමක එක් කොටසක් මතුකර ගැනීමට දිගු වේලාවක් ගතවේ.නමුත් ඔහු එසේයැයි කියා කලබල වන්නේ නැත.පටන් ගත් වේලාවේ තිබෙන සංයමය සිත්තම අවසන් වන වේලාව දක්වාම එලෙසම පවත්වා ගැනීමට ජිහ්යුන්ට හැකිය.
තමන් මෙයට යොමුවූයේ ගලිවර්ගේ චාරිකා වැනි පොත්පත් කියවීමෙන් බව ඔහු කියයි.
හඳුන්කූරු දැල්ලෙන් ඔහු කර ඇති සිතුවම් අතර ස්වභාවධර්මයාගේ අපූරු නිර්මානයන් මෙන්ම ඔහුගේම සිතේ මැවුනු අපූරු සංකල්පයන්ද ඇත.
‘මම මේවා කරන්නේ බොහොම කැමැත්තෙන්.හඳුන්කූරු දැල්ලෙන් එන සුවදත්,ඉවසීමෙන් මා තබන සටහනුත් මගේ මනස සුවපත් කරනවා.’ ජිහ්යුන් පවසයි.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හඳුන්කූරෙන් විසිතුරු සිත්තම්
ලක්මාල් Tuesday, 24 March 2015 08:06 AM
හරිම විශිෂ්ටයි!!! මොහුගේ හිත ඉතාම සාමකාමී විය යුතයි (බ)
අසෝකා Saturday, 21 March 2015 04:34 PM
කලා කරුවෙකුගේ සිතක නැගෙන සිතිවිලි කොතරම් සුන්දරද? එයත් හරියට භාවනාවක් වගෙයි! (නදී)
සමිත් Friday, 20 March 2015 08:30 AM
වැඩේ හරිම ලස්සන උනත් මේ දරුවාගේ ආයුෂ ප්‍රශ්නයක් වේවිද? මට එහෙම හිතුනෙ අන්තිම රූපය බලපුවාම. දීර්ඝායූ වේවා! (නදී)
සුදේශ් Friday, 20 March 2015 08:47 AM
විශිෂ්ඨයි. (නදී)
ධනුෂ්ක Saturday, 21 March 2015 04:43 AM
නියමයි හරිම ලස්සනයි (නදී)