IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හඳට යන්න අලුත් ඇදුමක්

‘ඇක්සියොම් ස්පේස්’ යනු අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමකි. ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඇමෙරිකාවේ ජාතික ගගන පර්යේෂණ ආයතනය හෙවත් ‘නාසා’ ආයතනය සමඟ ඇමෙරිකන් ඩොලර් මිලියන 228ක ගිවිසුමකට අත්සන් තබා ඇත. ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඉතාලියේ සුප්‍රසිද්ධ ඇඳුම් ආයිත්ම් නිර්මාණකරු වන ‘ප්‍රාඩා’ සමාගම සමඟ හවුල් කර ගනිමින්, ඉදිරි වසර කිහිපයේ සඳට පය තබන ගගනගාමීන් වෙනුවෙන්, මෙන්ම ගගන කැප්සියුලවලින් සඳට යන ගගනගාමීන් වෙනුවන් අපූරු ගගන ඇඳුම් නිර්මාණය කර තිබේ.

‘ඇක්සියොම් ස්පේස්’ සමාගම සහ ‘ප්‍රාඩා’ සමාගම එක් වී නිර්මාණය කළ මෙම ගගන ඇඳුම් හැඳින්වෙන්නේ, ‘ඇක්සියොම් එක්ට්‍රාවෙහිකියුලර් මොබිලිටි යුනිට්’ යනුවෙනි. මෙම ගගන ඇඳුම් කට්ටල මාදිලි කීපයකි. පසුගිය ඒවා ප්‍රසිද්ධියට පත් කෙරුණේ ‘ගගනගාමීන්ගේ සිරුරේ හැඩය අනුව, ගගනගාමීන්ගේ සිරුරට හොඳින් ගැලපෙන, ගගනගාමීන්ට ඇදගෙන සිටීමට පහසු’ ඇඳුම් කට්ටල ලෙසිණි.

70 දශකයේ ‘ඇපලෝ’ වැඩසටහන යටතේ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වීමෙන් පසු වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය, යළි සඳට යෑම ආරම්භ කර ඇත. මෙම නවතම චන්ද්‍ර මෙහෙයුම් සිදුවන්නේ ‘ආටිමීස්’ වැඩසටහන යටතේය. ‘ආටිමීස්’ වැඩසටහන සුවිශේෂී වෙයි. හේතුව, නාසා පිරිමි ගගනගාමියකු සමඟ කාන්තා ගගනගාමියකු ද සඳට පය තැබීමට නියමිතය. කාන්තාවක සඳ බලා යන්නේත්, සඳට පය තබන්නේත් ඉතිහාසයේ පළමු වතාවටය.

පසුගිය දා අපට දැක ගැනීමට හැකිවූයේ එහි අවසන් ප්‍රතිඵලයයි. ‘ප්‍රාඩා’ නිර්මාණය කළ ගගන ඇඳුම් කට්ටල සැබැවින්ම අපූරුය. අතීතයේ, ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම්වලදී ගගනගාමීන් පැලඳි සුදු පැහැති ගගන ඇඳුම් කට්ටලයට මෙය තරමත් සමාන වුවත්, එය සම්පූර්ණයෙන් වෙනස් එකකි. ගගනගාමීන් පලඳින සවිමත් හෙල්මට්ටුව ද ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. සිරුරෙන් පිටවන දහදිය සහ මුත්‍ර වෙනම එක් රැස් කරමින් ඒවා බැහැර කිරීමේ පද්ධතියක් ඇඳුම් කට්ටලයට සම්බන්ධය. ඇඳුම් කට්ටලය ලේයර කීපයකින් ද සමන්විතය.

‘ප්‍රාඩා’ සමාගම, ඇඳුම් කට්ටල නිර්මාණය කර ඇත්තේ මයිලර් සහ කෙල්වර් යන කෘත්‍රිම ද්‍රව්‍යවලින්. මයිලර් යනු පොලිඑතිලීන් ටෙරපතලේට් නම් පොලියෙස්ටර් රේසින් විශේෂයකි. ඒවා ජල ටැංකි තැනීමට භාවිත කෙරේ. කෙල්වර් යනු පොලිපැරා ෆිනයිලීන් ටෙරාප්තැල්මයිට් නම් නයිලෝන් වැනි පොලිමර් විශේෂයකි. වෙඩි නොවදින කබා, අත්වැසුම්, ටයර් ආදිය නිර්මාණය කරන්නේ කෙල්වර්වලිනි.

ගගන ඇඳුම් කට්ටලයට අයත් ගගනගාමීන් පලඳින හෙල්මට්ටුව සහ වයිසරයට අති සුපැහැදිලි කැමරාවක් සම්බන්ධ කර ඇති ගගනගාමියා හෝ ගගනගාමිනියට දකින සියලු දසුන්, පෘථිවියේ සිටින නාසා ගගනගාමීන්ට සජීවීව ලැබෙනු ඇත. ඔක්සිජන් ටැංකි පමණක් නොව, පිට කෙරෙන කාබන්ඩයොක්සයිඩ් බැහැර කිරීමට වෙනම ටැංකි ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. ඇඳුමට සම්බන්ධ බූට් සපත්තු විශේෂයෙන් සඳ මත ඇවිදීමට සුදුසු පරිද්දන් නිර්මාණය කර ඇත.



අදහස් (0)

හඳට යන්න අලුත් ඇදුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site