හොන්ඩුරාස් රාජ්‍යයේ පාපන්දු ක්‍රීඩක ආර්නෝල්ඩ් පෙරැල්ටා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ලා සෙයිබා නුවර නිවාඩුවක් සඳහා ගොස් සිටියදී එහි සාප්පු සංකීර්ණයක වාහන නැවතුම්පොළේදී ඔහුට වෙඩි තබා ඇති අතර මැර කල්ලි අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ වෙඩි හුවමාරුවකදී ඔහුට වෙඩි වදින්නට ඇතැයි එරට ආරක්ෂක අංශ iසැක කරයි.
හොන්ඩුරාස් රාජ්‍යය එවැනි වෙඩි තබාගැනීම් බහුල රටක් බවත් ලොව වැඩිම මිනීමැරුම් වාර්තාවන රටවල් අතරින් එකක් බවත් කියති.
26 හැවිරිදි ආර්නෝල්ඩ් පෙරැල්ටා එරට ඔලිම්පික් පාපන්දු කණ්ඩායමද නියෝජනය කළ අතර 2014 වසරේ බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ඔහුට අහිමි විය. හොන්ඩුරාස් පාපන්දු සම්මේලනයේ අධ්‍යක්ෂ ඔස්මාන් මැඩ්රිඩ් පවසන්නේ මෙය ඉතා ශෝකජනක මරණයක් බවත් එය ජාතික ක්‍රීඩාවට දැඩි ළතැවුලක් ඇතිකරන බවත්ය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි විදෙස් ආරංචි පවසයි.
2025 නොවැම්බර් මස 04
515
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොන්ඩුරාස් පාපන්දු තරුව වෙඩි වැදී මිය යයි