හොන්ඩුරාස් රාජ්‍යයේ පාපන්දු ක්‍රීඩක ආර්නෝල්ඩ් පෙරැල්ටා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ලා සෙයිබා නුවර නිවාඩුවක් සඳහා ගොස් සිටියදී එහි සාප්පු සංකීර්ණයක වාහන නැවතුම්පොළේදී ඔහුට වෙඩි තබා ඇති අතර මැර කල්ලි අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ වෙඩි හුවමාරුවකදී ඔහුට වෙඩි වදින්නට ඇතැයි එරට ආරක්ෂක අංශ iසැක කරයි.

හොන්ඩුරාස් රාජ්‍යය එවැනි වෙඩි තබාගැනීම් බහුල රටක් බවත් ලොව වැඩිම මිනීමැරුම් වාර්තාවන රටවල් අතරින් එකක් බවත් කියති.

26 හැවිරිදි ආර්නෝල්ඩ් පෙරැල්ටා එරට ඔලිම්පික් පාපන්දු කණ්ඩායමද නියෝජනය කළ අතර 2014 වසරේ බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ඔහුට අහිමි විය. හොන්ඩුරාස් පාපන්දු සම්මේලනයේ අධ්‍යක්ෂ ඔස්මාන් මැඩ්රිඩ් පවසන්නේ මෙය ඉතා ශෝකජනක මරණයක් බවත් එය ජාතික ක්‍රීඩාවට දැඩි ළතැවුලක් ඇතිකරන බවත්ය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි විදෙස් ආරංචි පවසයි.

webanoldPeralta_20151211 webanoldPeralta_20151211-2