හන්ගේරියාවේ සෝස්ටෝ සත්ව උද්‍යානයේදී  සුදු කොටි පැටවකු උපත ලැබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පැටවාගේ පැහැය නිසාවෙන් කොටි මවගෙන් වෙන් කර තැබීමට සත්ව උද්‍යාන  බලධාරීහු ක්‍රියා කළහ.

මෙම පැටවා සම්බන්ධයෙන් අනෙකුත් කොටි පැටවුන්ගේ ප්‍රතිචාරය කෙසේ වේදැයි යන්න සොයා බැලීමේදී ප්‍රතිචාරය සතුටුදායක වූ බවත් ඉන් තමන් මවිතයට පත් වූ බවත් උද්‍යාන බලධාරීහු පවසති.

මෙම පැටවාට දිනකට කිරි මි.ලී. 50 බැගින්  6 වතාවක්ද,මෝර අක්මා තෙල් එක්වතාවක්ද ලබාදෙන බව කියති.

පැටවාට නමක් යෝජනා කරන ලෙස සත්ව උද්‍යානය නැරඹීමට පැමිණෙන නරඹන්නන්ගෙන් බලධාරීහු ඉල්ලති.

 Untitled-1.jpgws Untitled-1